දූෂිතයන් සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට දඬුවම් දීමේ නීතිමය ක්රියාවලියට බාධා කිරීමට උත්සාහ කරන විවිධ කුමන්ත්රණවලට එරෙහිව අද (23) ගාල්ල නගරයේදී නිහඬ විරෝධතාවක් පවත්වන ලදී. ‘ජනවරමේ පුරවැසියෝ’ නම් සිවිල් සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම සාමකාමී විරෝධතාවේ අරමුණ වූයේ ශ්රී ලංකාව තුළ නීතියේ ආධිපත්යය සුරක්ෂිත කිරීම සහ දූෂණයට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා බලපෑම් කිරීමයි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ගාල්ල නගර මධ්යයට එක්ව මෙම සාමකාමී විරෝධතාව සඳහා සහභාගී වූහ.
අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේදී කිසිදු බාධාවක් ඇති නොකළ යුතු බවත්, අධිකරණ ක්රියාවලිය විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් විරෝධතාකරුවෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කළහ.













