ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා සම්බන්ධ ජාතික සංගමය වන ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ.
ඒ සඳහා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
සංගමයේ සංශෝධිත ව්යවස්ථාවට අනුකූලව නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එහි කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.













