2026 ඔක්තෝබර් 23 වන දින සවස වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත ප්රදේශයේදී සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ.
ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම වැටලීමේදී, එම ස්ථානය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් පස්දෙනා වයස අවුරුදු 35ත් 43ත් අතර පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















