2026 ඔක්තෝබර් 23 වන දින උදෑසන නවගමුව පොලිස් වසමේ කඩුවෙල–නවගමුව මාර්ගයේ බෝමිරිය රාක්ෂපාන හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඩුවෙල දෙසට ධාවනය වූ ප්රයිම් මූවර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණකරු 68 හැවිරිදි කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ප්රයිම් මූවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















