තමන් සිරගත වී අදට (24) දින 50ක් සපිරෙන බවත්, තමන් සිරගත කිරීම තුළින් රටට යහපතක් වන්නේ නම් දින 50ක් නොව දින 500ක් වුවද සිරගතව සිටීමට සූදානම් බවත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට යොමුකර ඇති විශේෂ ලිපියක් මඟින් ඔහු පෙන්වා දී ඇත්තේ තමන්ව සිරගත කිරීමට දැරූ උත්සාහය තුළින් වත්මන් පාලකයින්ගේ නොහැකියාව පෙන්නුම් කරන බවයි. රටේ පවතින ආර්ථික හා සමාජීය ප්රශ්නවල බර එක පවුලක් පිටුපස සැඟවීමට උත්සාහ කිරීම හාස්යජනක බවත්, ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ තමන් නිදොස් කොට නිදහස් වන බවට දැඩි විශ්වාසයක් පවතින බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.















