2026 වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 1,813,484ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
මෙම වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවන අතර, එම සංඛ්යාව 482,944කි.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් 102,920 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.
ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම කාලය තුළ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්යාව 45,530ක් බව දත්ත පෙන්වා දෙයි.













