නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්රව්ය අංශයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්රව්ය කිලෝග්රෑමයකට ආසන්න ප්රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
“ටිලංක” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිසිය සඳහන් කරයි. මත්ද්රව්ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, විදේශගතව සිටින බව කියන අසාම් මොහොමඩ් නමැත්තෙකුගේ මත්ද්රව්ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධව කොළඹ දිස්ත්රික්කය තුළ කටයුතු කළ බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු සහ නඩු භාණ්ඩ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ.













