ඉරානයට එරෙහිව යළි හමුදා ප්රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්රායලය සැලසුම් සකස් කරමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඔක්තෝබර් 22 වැනිදා පළ වූ වාර්තා අනුව, ඉදිරි සති කිහිපය තුළ ක්රියාත්මක කළ හැකි ප්රහාර සම්බන්ධයෙන් දෙරටේ හමුදා සැලසුම් සකස් කර තිබේ. කෙසේ වෙතත්, මෙම සැලසුම් පිළිබඳ තොරතුරු නිල වශයෙන් සම්පූර්ණයෙන් තහවුරු කර නොමැත.
ඇමෙරිකානු ධවල මන්දිරය ප්රකාශ කර ඇත්තේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්යවාර මැතිවරණයට පෙර ඉරානයට ප්රහාර එල්ල නොකරන බවයි.
මේ අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡා හා මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය තවදුරටත් යොමුව තිබේ.













