ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර, සාමපුර ප්රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ගොඩනැගිලි රජයේ ඉඩමක් බවට හඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එම දේපළ ජාතික තරුණ සේවා සභාවට බදු පදනමින් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් තුන්වන පාර්ශ්වයකට තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් අයුතු හා නීතිවිරෝධී ලෙස ගෙවා ඇති බවත්, අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 13ක් ගෙවා ඇති බවත් සඳහන් වේ.
මෙම ගෙවීම් හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















