2020 මැතිවරණයක් නොපවත්වන බවත් නියමාකාරයටනම් 2019 වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නාරාහේන්පිට අභයරාමයේ පැවති හමුවට එක්වෙමින්.
එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ ප්රතිපත්තියට අනුව විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නොහැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට සූදානම් බවයි.