27 April 2024
#ව්‍යාපාර

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් ව්‍යාපාර සැළසුම් 783ක් දිවයින පුරා

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ,තුරුණු දිරිය,ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැළසුම් 783ක් සකස් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ( SEDD ) විසින් පවසයි.

එහිදී තරුණ ව්‍යවසායකයින් 1030ක් මේ සඳහා සුදුසුකම් ලැබ සිටින අතර ව්‍යාපාර සැළසුම් 390ක් දිවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත බාර දී තිබේ.

තරුණ ව්‍යවසායකයින්ගේ ආර්ථික අභිවෘද්ධිය අරමුණු කරගත් ,තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ලදී. මෙය, වයස අවුරුදු 35ට අඩුල උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, අවම වශයෙන් වසර 03ක් ව්‍යාපාරයේ නියුතුල හැකියාවැති, තරුණ ව්‍යවසායකයින් උදෙසා වන විශේෂ ණය යෝජනා ක්‍රමයකි.

මෙම ණය යෝජනා ක්‍රමයේ ආවේණික හා ආකර්ශනීය ප්‍රතිලාභ වන ඇප නොමැතිව හෝ ලිහිල් ඇප සහිතව ණය ලබා ගැනීමට ඇති හැකියාව හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා විශාල ප්‍රමාණයක් තරුණ ව්‍යවසායකයින් මේ සඳහා ආකර්ශනය වී ඇත.

තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පළාත් වශයෙන් ක්‍රියාත්මක වේ. බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් දැනටමත් පවත්වා අවසන් අතර අනෙකුත් පළාත් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම් ඔක්තෝබර් මස මුල වන විට අවසන් කිරීමට සැළසුම් කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමයට අදාළ වැඩි දුර තොරතුරු ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකි බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *