• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල දේශපාලන ප්‍රශ්ණයක් කරගෙන උත්තර හොයන්න බෑ – මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ කියයි

26 September 2018
in ව්‍යාපාර

රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සළකා කිසිසේත්ම පිළිතුරක් සොයා ගැනීමට නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ අපේ තිබෙන දුර්වලතා කුමක්දැයි සොයා බලා එයින් ප්‍රයෝජනය ගත යුතු බවත් ඒවට අනුකූලව පැහැදිළි දිගුකාලීන පියවර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව පවතින බවත් ජාතික විද්‍යා පදනමේ සමාජ විද්‍යාව පිළිබඳ ක්‍රියාකාරි කමිටුවේ සභාපති මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ මහතා පවසයි.

ඩොලරයේ වටිනාකම ඉහළ යෑම හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධව දේශීය වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රජයේ නිලපුවත් වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ මහතා මේ බව පැවසී ය.

රුපියල අවප්‍රමාණය වීමේ ගැටළුව දෙස බැලිය යුත්තේ හදිසියේ ඇති වූ තත්ත්වයක් ලෙස නොවේ. යම්කිසි අවස්ථාවක විවිධ හේතු නිසා එහි යම් යම් උච්චාවචනයන් වෙන්න පුළුවන්. දිගුකාලීනව කොහොමද වෙනස්කම් ඇති වුණේ කියලා බලන්න අවශ්‍යයි. රුපියලේ අගය පසුගිය දසක පහතුළ එකදිගටම සිදුව තිබෙන්නේ අවප්‍රමාණය වීමයි. විදේශීය මුදල් ඒකක සමඟ සන්සන්දනය කරන විට ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් දකින්නට ලැබෙනවා. මේ අවප්‍රමාණය හේතු සොයන්නට අවශ්‍යයි. මේ ප්‍රධාන වශයෙන් රටේ ආර්ථික ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයක්.

ආර්ථිකයේ ව්‍යුහය පිළිබඳව අපි කල්පනා කරන්නේ නැතිව,මෙය වෙනම ප්‍රශ්නයක් ලෙස සළකා, මෙය දේශපලන ප්‍රශ්නයක් ලෙස සළකා කිසිසේත්ම පිළිතුරක් සොයන්න පුළුවන්කමක් නෑ. මෙවැනි තත්ත්වයක් අප ප්‍රයෝජනයට ගත යුත්තේ, අපේ තිබෙන දුර්වලතා කුමක්දැයි සොයා බැලීමටයි. අපේ අර්ථිකයේ සහ සමාජ ක්‍රමය තුළ පවතින දුර්වලතා මොනවාද කියලා සොයා බලා,ඒවට අනුකූලව පැහැදිළි දිගුකාලීන පියවර ගැනීම තුළින් පමණයි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට පුළුවන්කම ලැබෙන්නේ.

අප විදේශවලින් ගන්න භාණ්ඩවලට ගෙවීමට අපට ආදයම් වශයෙන් අපේ රටෙන් යවන භාණ්ඩවලින් ලැබෙන්නේ සියට පනහකට පොඩ්ඩක් වැඩියෙන්. මේ වෙළඳ ශේෂයේ පරතරය තබාගෙන අපට ඉදිරියට යන්න හැකියාවක් නෑ. අප බැලිය යුතුයි කෙසේ හෝ අපේ ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගතකිරීම තුළින් දිගුකාලීන විසඳුමක් සොයන්න පමණක් නොව අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කිරීම සහ විදේශීය භාණ්ඩ මත යැපීමේ ප්‍රවණතාවය හැකිතාක් දුරට අවම කර ගැනීමයි.

උපුටා ගැනීම – රජයේ නිලපුවත් වෙබ් අඩවිය

Post Views: 10
Previous Post

ක්‍රිකට්වලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැඩියි – ඇමැති අකිල කියයි

Next Post

පෞද්ගලික අහිමිවීම් තිබුණත් එජාප ප‍්‍රතිසංවිධානය සාර්ථකයි – පාලිත රංගේ කියයි

editor

editor

Next Post

පෞද්ගලික අහිමිවීම් තිබුණත් එජාප ප‍්‍රතිසංවිධානය සාර්ථකයි - පාලිත රංගේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved