කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද (11) පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරකෂා නිවාසයට පැමිණ ඇත.
මෙසේ පැමිණි ශ්‍රමිකයින් අතුරින් ශ්‍රමිකයින් 13 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදී තිබේ.
කුවේට් තානාපති කාර්යාලයේ කම්කරු අංශය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයේ මේ වන විට ශ්‍රමිකයින් 129 දෙනෙකු රැදී සිටින අතර, ජනවාරි සිට මේ දක්වා එහි රැදී සිටි ශ්‍රමිකයින් 212 පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබේ.