27 April 2024
#දේශීය

ජවිපෙ TNA 20 ගැන විශේෂ සාකච්ඡාව ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ටීඑන්ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාව අද(11) පස්වරු 2.00ට පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්තන් යන මහත්වරුන් සහභාගිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *