ජාතික ආරක්ෂාවය අදාළව අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියක් 2019.10.02 දිනැතිව කොටුව පොලිස් ස්ථානාධිපති ලෙසට අත්සන් තබමින් කොළඹ ප්‍රදේශයේ හෝටල් කිහිපයකට යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වු කරුණු මත මෙම අසත්‍ය කරුණු ඇතුළත් ලිපිය යැවීමට ක්‍රියාකර තිබු කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙත්, කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුගේත් මෙලෙස වැඩ තහනම් කර තිබේ.