27 April 2024
#දේශීය

අගල් 26 කින් යුත් ඡන්ද පත්‍රිකාව මුද්‍රණාලයට

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලායාධිපති විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ මෙවර ඡන්ද පත්‍රිකාව අගල් 26 ක් දිගින් යුතු බවයි.

අසාමාන්‍ය දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් හේතු කොට ගෙන සහ අපේක්ෂකයින් සංඛ්‍යව වැඩි වීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයන් 70 ගණන් කිරීමේ නියෝජිතයන් සංඛ්‍යාව 175 දක්වා ඉහළ යෑම නිසා මැතිවරණ කොමිෂන් සභාවට ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට සිදුවන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *