ප්රජාත්රන්ත්රවාදය අනුව රටේ තීන්දු තීරණ ගන්නෙ රටේ ජනතාවයි. අතලාස්සක් ජනතාවගෙන් පත් වෙච්ච විවිධ බලාපොරොත්තු තියන දේශපාලඥයන් නොවේ පාර්ලිමේන්තු මන්ත්රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මන්ත්රිවරයා මෙම අදහස් ප්රකාශ කලේ පොදුජන පෙරමුණෙන් තරඟ කරන ගොඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් ඉමදුව ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්රීවරයා කියා සිටියේ ” අද මේ රටේ සාක්කු පිරිච්ච කෙනෙක් ඉන්නවනම් එක්කො කුඩු විකුණන කෙනෙක් එසේ නොමැති නම් අරක්කු විකුණන කෙනෙක්. රජයේ සේවකයන් තම පඩියෙන් ජීවත්වෙන් බැරි කාලයක් අද තියෙන්නේ. වී ගොවියට ගොවිතැන් කරන්න බෑ. කුරුදු කපන්නෙත් නෑ, රබන් ගස් කපලා විකුණනවා රබන් කිරි කපන්නේ නෑ. හැබැයි ඩොලරය 130 ට තිබුණේ අද 180යි අද වන විට හැම දේම වැඩි වෙලා. මේ රට ඉදිරිය ගෙනියන්න වැඩ පිළිවෙලක් නෑ. අපි මේ වැඩ පිළිවෙල එකතුවෙන කොට සමහරු අපේ කකුළෙන් අදිනවා, නමුත් රට වෙනුවෙන් ඒ ගැන නොසිතා වැඩ කරනවා. යැයි මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.