• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගිටින්න ටිකක් වෙලා ගියාට නැගිට්ටට පස්සේ හොල්ලන්න බෑ – ඇමැති රවි

23 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියෝ කියන්නේ එසේ මෙසේ අය නොවන බවත් නැගිටින්න ටිකක් වෙලා ගියත් නැගිට්ටට පස්සේ කාටවත් හොල්ලන්න බැරිවෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාලඹේ පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 ක් ඉදිරිපත් වෙලා සිටිනවා. මේ අතරින් දෙදෙනෙක් අතරේ තමයි සැබෑ තරගයක් තිබෙන්නේ. තව දෙන්නෙක් මේ ඡන්ද ටික කඩන්න හදනවා. ඒ නිසා මේ ලක්ෂ 160 ක ඡන්ද ප්‍රමාණය තුළින් 58% ක් ගන්න මහන්සියෙන් වැඩ කරන්න ඕන . ගියවර අපි කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ඡන්ද 175,000 කින්. මෙවර අපි ඡන්දය 250,000 කින් දින්න ඕන. අපි නිදහසින් පසු වසර 72 ක් මේවන විට ගමන් කළා. මේ කාලසීමාව තුළ නොයෙක් ආණ්ඩු මේ රට පාලනය කළා. ඒ ඒ කාල වලදී රට ඉදිරියට ගෙනගියා වගේම රට ආපස්සටත් ඇදලා තිබෙනවා. නමුත් සීග්‍ර සංවර්ධනයක් ලබන්න තවමත් නොහැකි වෙලා තිබෙනවා. 2015 අපි ලබාගත් ජයග්‍රහණය තුළින් සිදුකල වැදගත්ම දේ තමයි මියයමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම.

 අපට මතකයි රාජපක්ෂ පාලන සමය. වසර 11 ක් තිස්සේ අහිංසක රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනවා කිව්වා. වසරින් වසර 500 ක් 1000ක් එකතු කළා මිසක් වෙන දෙයක් කලේ නැහැ. අපි 2015 බලයට පැමිණි විගසම කිව්වා රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීම ලබාදෙනවා කියලා. අපි බලයට පත්වෙලා දින 35 කින්, රු. 10,000ක් ලබා දුන්නා. වසර 11 කින් කරන්න බැරිවුනදේ අපි මාසෙකින් කළා. ඒ වගේම ඔවුන් පොලිස් නිලධාරීන්ටත් වැටුප් වැඩිකරනවා කිව්වාට කළේ නැහැ. නමුත් අපි පැමිණි විගස 40% කින් වැටුප් වැඩිකළා. මෙන්න මේ වගේ තමයි ත්‍රිවිධ හමුදාව. ඒ රණවිරුවන්ට දෙන්න තිබුන ප්‍රතිලාභ දුන්නේ නැහැ. ඒ ඔවුන්ට හිමිවෙන්න තිබුණ දේවල් සහ 40% ක වැටුප් වැඩිවීම ලබාදුන්නේ අපේ ආණ්ඩුවෙන් කියලා මම ඉතාමත් සතුටින් කියන්න කැමතියි. අද වෙද්දි පාරිභෝගික භාණ්ඩ මිල සෑහෙන දුරකට අඩු වෙලා තිබෙනවා. මම කියන්නේ නැහැ ජීවන වියදම ලේසි වෙලා කියලා. නමුත් එදා එක්ක සංසන්දනය කරද්දි භාණ්ඩ මිල අඩුවෙලා තිබෙනවා. පෙට්‍රල්, ගෑස් මිල අඩුකලා. මෙන්න මේකයි වෙනස. වසර 5 ක පෙරත් ඔවුන් කිව්වා ඉන්ධන මිල අඩු කරන්න බැහැ කියලා. ඒ වගේම තමයි ඩීසල්, භූමිතෙල් මේ ආකාරයෙන් අඩු කරලා තිබෙනවා. මේක දැකලා ගෝඨාභය රාජපක්ෂ කියනවා 50% කින් වැට් අඩු කරනවා කියලා. ඒ කියනනේ කෝටි 45 ක්. අපි අහනවා කොහොමද එහෙම කරන්නේ කියලා. කියන දේ පිළිගන්න පුළුවන් විදියට කියන්න ඕන. රජයේ සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ ඔවුන් ගත් ණය ගෙව්වම කොහොමද තවත් කෝටි 45 ක් අඩු කරන්නේ. කොහෙන්ද ඒවට මුදල් සොයන්නේ. දැන් ඔවුන් කරන්න බැරි දේවල් කියලා ජනතාවට සිහින ලෝකයක් මවන්න හදනවා. ඔවුන් කවදාවත් ආර්ථිකය ශක්තිමත් කලේ නැහැ. තිබුණ එකත් නැති කරපු එක විතරයි කලේ.

රටේ ආරක්ෂාව ගැන ඔවුන් කතා කරනවා. මේකට හොදටම පිලිතුරු දෙන්න පුළුවන් සරත් ෆොන්සේකා මහතාට. ඔවුන්ගේ ආණ්ඩුවේ ඉන්නකොට දේශප්‍රේමි‍යෙක්. ඔවුන්ගේ ආණ්ඩුවෙන් පිටගියාම දේශද්‍රෝහියෙක්. 2015 දි ඔවුන් කිව්වා අපට රට දුන්නොත් රට බෙදනවාලු. ඉඩම් අයිතිය අනුන්ට දෙනවාලු. දැන් අපි වසර 05 ක් රට පාලනය කළා. මේ එක දෙයක්වත් සිදුවුණාද. මේ සිංහල බෞද්ධ රටක්. මේක කාටවත් වෙනස් කරන්න බැහැ. අපි සමග සුළු ජාතිකයෝ සහයෝගෙන් හිටියා කියලා ඒ දේවල් වෙනස් වුණාද. නැහැ. තවත් ඒකීයභාවය තහවුරු වුණා. අපි රට විකුණයි කිව්වට, අපි එන්න කලින් මොණරාගලින් අක්කර 4000ක් විදේශිකයින්ට දුන්නා. ශැන්ග්‍රිලා එක වික්කා. ඔවුන් තමයි ඒ දේවල් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවේ” යැයි පැවසීය.

Post Views: 5
Previous Post

මම මැජික්කාරයෙක් නෙමෙයි … කොයි වෙලාවේ හරි රට ගොඩදානවා – ජනපති අපේක්ෂක අනුර කියයි

Next Post

මාධ්‍ය උපමාන කැඩුවොත් වැඩ වරදින බව මැ.කෝ කියයි

editor

editor

Next Post

මාධ්‍ය උපමාන කැඩුවොත් වැඩ වරදින බව මැ.කෝ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved