27 April 2024
#දේශීය

මම මැජික්කාරයෙක් නෙමෙයි … කොයි වෙලාවේ හරි රට ගොඩදානවා – ජනපති අපේක්ෂක අනුර කියයි

තමා ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණක් බවත් එසේ නොමැතිව මැජික්කරුවෙකු නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පේරාදෙණියේදී කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය අමතමින්.

එහිදී දිසානායක මහතා පැවසුවේ තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්නට එපා ලෙසයි.

මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ වේදිකාවලට පැමිණ කියා සිටින්නේ මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියා ජනතාවගෙන් ඡන්ද බලාපොරොත්තු වන බවයි. නමුත් මේක විහිළුවක් බවත් අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩ නඟනවා යැයි හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *