ජනාධිපතිවරණයෙන් අනතුරුව ගොඩනගන ආණ්ඩුවේ අගමැති ලෙස තමන් ඉදිරියටත් කටයුතු කරන බවත්, එම ආණ්ඩුවේ ප්රමුඛ කටයුත්තක් ලෙස උපරිම ලෙස බලය බෙදාහරින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03) යාපනයේ දී පැවැසීය.
යාපනයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ රැස්වීම් කිහිපයකට සහභාගීවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.
එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානය, උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බවත්, සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති බවත් ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන ලෙස උතුරු-නැගෙනහිර සියලූ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහි දි පැවසීය.
යාපනයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවයි. තම ආණ්ඩුවක් විසින් ඉදිරියේ සම්මතකරගන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සියලු පලාත්වල ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් මණ්ඩලයක් ද පිහිටුවනබවත් ඔහු පැහැදිලි කළේය. ඒ වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් තමන්ට ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.
* සටහන :
අකලූෂ විද්‍යාතිලක