27 April 2024
#දේශීය

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයපතා තවත් දේශපාලන පක්ෂ 14 ක් එක් වී ය. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර අවබෝධතා ගිවිසුමකට එළැමීම අද සිදු වී ය.

මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වු පක්ෂමෙසේය.

අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව.

ශ්‍රී ටෙලෝ පක්ෂය.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය.

ජනතා සේවක පක්ෂය.

එක්සත් ලංකා ජනතා පක්ෂය.

ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.

ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය.

ජාතික පෙරමුණ.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය.

එක්සත් ලංකා පොදුජන පක්ෂය.

දේශප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය.

ඉස්ලාම් සමාජවාදී පෙරමුණ.

*
සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *