• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුර – නැගෙනහිර ඇතුළු පලාත් නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් ඇති කරනවා : රනිල් වික්‍රමසිංහ

4 November 2019
in දේශීය

ජනාධිපතිවරණයෙන් අනතුරුව ගොඩනගන ආණ්ඩුවේ අගමැති ලෙස තමන් ඉදිරියටත් කටයුතු කරන බවත්, එම ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස උපරිම ලෙස බලය බෙදාහරින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03) යාපනයේ දී පැවැසීය. 

යාපනයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ රැස්වීම් කිහිපයකට සහභාගීවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය. 

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය, උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බවත්, සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති බවත් ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන ලෙස උතුරු-නැගෙනහිර සියලූ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහි දි පැවසීය.

යාපනයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවයි. තම ආණ්ඩුවක් විසින් ඉදිරියේ සම්මතකරගන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සියලු පලාත්වල ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් මණ්ඩලයක් ද පිහිටුවනබවත් ඔහු පැහැදිලි කළේය. ඒ වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් තමන්ට ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

* සටහන :
අකලූෂ විද්‍යාතිලක

Post Views: 12
Previous Post

ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙ.ටො.12000 ක් හදිසි මිලදී ගනි

Next Post

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි…

editor

editor

Next Post

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved