• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ තීරණ අන්දෝලනාත්මකයි..මම කඩුව පාවිච්චි කලා – ජනපති මෛත්‍රිපාල

16 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයෙක් වශයෙන් තමා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මක බවත් සමහර අය පැවසුවේ තමා කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා කඩුව පාවිච්චි කළ බවයි.

එම විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය ( 2019-11-16 මහනුවර ජනාධිපති මන්දිරයේ සිට )
ආයුබෝවන්, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි
ගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි,
ඒ වගේම ගෞරවණීය සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි,
ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි,

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී මගේ ජයග්‍රහණය සදහා හැට දෙලක්ෂයකට වැඩි ජනතාවක් මා වෙත ඡන්දය පාවිච්චි කළා. ඒ සියලු දෙනාට අද දවසේත් මගේ ගෞවරණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම 2015 ජනවාරි 08 වන දා මා ජයග්‍රහණය කර ජනවාරි 09 වනදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් දින කිහිපයකට පසු මහනුවර ඓතිහාසික උතුම් දළදා වහන්සේ අභියස දී මා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළා. ඇතැම් විට එය ඔබට මතක ඇති. ජාතිය අමතා මා ප්‍රකාශ කළා නැවත මා ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව.

එසේ ප්‍රකාශ කළා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් විධායක ජනාධිපතිවරයෙකු ලෙස මගේ තිබු අසීමිත විධායක බලතල මා පාර්ලිමේන්තුවට පවරා දුන්නා. ඇමති මණ්ඩලයට, ස්වාධින කොමිෂන් සභාවලට, අධිකරණයට ඒ බලය ලබා දුන්නා. එයින් මා නැවතුනේ නැහැ. ජනතාව මාව ඡන්දයෙන් පත් කරගත්තේ වසර 06ක් සඳහා. වසර 06 කට ජනතාව විසින් මා පත්කර ගනු ලැබුවත් එයින් වසරක් අඩු කරගෙන වසර 05ක නිල කාලයක් බවට පත්කර ගත්තා. බොහෝ විට අපේ රටේ බලයට පත්වූ සෑම නායකයෙක්ම ඇතැමිවිට සිරිතක් ලෙස, ඇතැම්විට සම්ප්‍රදායක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කළේ තමාගේ බලය ශක්තිමත් කර ගැනීම සඳහා. නමුත් මම සතුටු වෙනවා එම අසීමිත විධායක බලය මා විසින් ඉවත් කළා සේම ජනාධිපතිවරයෙකුගේ කාලය වන වසර 06 වසර 05ක් බවට පත් කළා වගේම ජනතාව ඡන්දයෙන් ලබාදුන් නිල කාලයේ වසරක් ද මා විසින් අඩු කර ගනු ලැබුවා.

මාගේ නිල කාලයේ දී රට තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මට හැකි වුණා. කිසිම කාලයක නොතිබු නිදහසක් ජනමාධ්‍ය නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් මා උපරිම ලෙස කළා කියලයි මම විශ්වාස කරන්නේ. එහි ප්‍රතිඵලය වූයේ මා විසින් ලබාදුන් ඒ අසීමිත මාධ්‍ය නිදහස හා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය පාරාවළල්ලක් කර ගනිමින් මටම බරපතළ නින්දා අපහාස, චරිත ඝාතන කරමින් ඉතා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය අඩවි හරහා නිකුත් කිරීම. මා ඒ කිසි දෙයකින් සැලුණේ නැහැ. මගේ ප්‍රතිපත්තිය එය වූ නිසා.

ඒ වගේම 1947 සිටම බලයට පත්වූ සියලුම රාජ්‍ය නායකයන්ට 2015 දක්වාම කළ නොහැකි දෙයක් මගේ නිල කාලය තුල ඉටු කිරීමට හැකි වුණා ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව. ඒ තමයි රාජ්‍ය මැදිහත්විම තුළ කිසිදු මිනිස් ඝාතනයක්, දේශපාලන වශයෙන් පළිගැනීමක්, ශාරිරික හිංසාවක් පීඩාවක්, කෙනෙකුගේ දේපළවලට හානි සිදුකිරීමක් ඒ කිසිවක් මගේ නිල කාලය තුළ සිදු වූයේ නැහැ. තවත් ලෙසකින් කියනව නම් ආණ්ඩුවේ තුවක්කු දේශපාලන පළිගැනීම් මත හෝ වෙනත් වෛර පිරිමසා ගැනීම සඳහා කිසිම පුරවැසියෙකුට පත්තු වුණේ නැහැ.

මගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ජනතාවට දුන් ප්‍රතිඥාවන් තුළ බොහෝ දේ මට ඉටුකිරීමට පු`ථවන් වුණා වගේම රට සහ ජනතාව වෙනුවෙන් කළ හැකි බොහෝ දේ මා ඉටු කළා කියලා මා විශ්වාස කරනවා. එහෙත් මගේම රජයේ පාර්ශ්වයන් අතර මා හා තිබු ප්‍රතිත්තිමය ගැටුම්, දේශපාලන ගැටුම්, පෞද්ගලික නොවූ ප්‍රතිපත්ති සහ දේශපාලන ගැටුම් නිසා ආණ්ඩුව තුළ බරපතළ අර්බුද ඇති වූ බව රහසක් නොවේ. ඒ නිසා විශාල වැඩකොටසක් පසුගිය අවුරුදු 05කට ආසන්න කාලය තුළ රජයක් විදියට අප ඉෂ්ඨ කළා වගේම රට සහ ජනතාව වෙනුවෙන් කළයුතුම වැඩ කොටස් කිරීමට අපහසු වුණා. ඒ ආණ්ඩුවේ තිබු ගැට`ථ සහගත තත්ත්වය නිසයි.

විශේෂයෙන් ඔබ දන්නවා විධායක ජනාධිපති ධූයේ අසීමිත බලතළ පිළිබඳ. මා පැවසුවා විධායක ජනාධිපති ධූරයේ තිබු ඒ අසිමිත බලතළ මා ඉවත් කළා කියා. ඒ අසීමිත බලතල ඉවත් කළා වගේම ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සාමකාමී තත්ත්වය තුළ වැරදි සහගත ලෙස ප්‍රයෝජන ගත් අයත් සිටිනවා. ඒ පිළිබඳ අතීත ආවර්ජනයක් කිරීමට මා මේ අවස්ථාවේ කාලය ගත යුතු යැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

ඔබට මතක ඇති මා බලයට පත්වන විට ඔබෙත්, මගේත් මාතෘ භූමියට තිබු විදේශ බලවේගවල දැඩි බලපෑම් , අතපෙවීම්, තර්ජන මා ඒ අතීතය මතක් කරන්නේ 2014 වන විට අන්තර්ජාතික වශයෙන් රට තිබු තත්ත්වයත්, අද තිබෙන තත්ත්වයත් සංසන්දනය කර සිහිපත් කර ගැනීම සඳහායි. ඒ තිබු දැඩි බලපෑම්, අතපෙවීම්, අතැම්විට තර්ජනය කිරීම් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව වැරදි සිදුවුනාය කියන චෝදනා මත එල්ල වූ අන්තර්ජාතික බලපෑම් මගේ නිල කාලය තුළ සියයට අනූ නවයක්ම මා ඉවත් කළා කියලා මට විශ්වාසයි. ජාත්‍යන්තර අධිකරණ ලංකාවට ගෙන ඒම පිළිබඳ කථා කළා. ඒ වගේම රටේ ඒකීය භාවයට අන්තර්ජාතික වශයෙන් අභියෝගයක් තිබුණා. නමුත් ඒ සියල්ලෙන්ම අද අපි මිදී තිබෙනවා.

අපට හෙට දවසේ ප්‍රධාන අභියෝග කිහිපයක් තිබෙනවා. දුගී භාවය, දුප්පත්කමින් නිදහස් වීම, ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජාතින් තුළ ජාතික සමඟිය සහ සංහිඳයාව ගොඩනඟමින් පු`ථල් සමඟියක් තුළ සහෝදරත්වයක් සහ විශ්වාසයක් තුළ මේ රටේ ජනතාවට එකම පවුලක් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය ඒ පසුබිම ගොඩනඟා ගැනීම. මා ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා. එහි හොඳ ප්‍රතිඵල තිබෙනවා. නමුත් ජාතින් තුළ විශේෂයෙන් භාෂාමය වශයෙන් තිබෙන බිය, සැක, අවිශ්වාසය සම්පූර්ණයෙන්ම අපි තුරන් කිරීමට කටයුතු කිරිම අවශ්‍ය වෙනවා.

ඔබ දන්නවා වංචාවට සහ අක්‍රමිකතාවයට විරුද්ධව මා දැඩි දේශපාලන තීන්දු කිහිපයක් ගත්තා. තමාගේම රජයේ වංචා දූෂණ සොයන්න අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. තමාගේම රජයේ වංචා දූෂණ සොයන්න අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසන් සභාවක් පත් කළ එකම රාජ්‍ය නායකයා මා බව මම හිතන්නේ ඔබ දන්නවා. එය මීට පෙර සිදුවී තිබුණේ නැහැ. ඒ වගේම දුෂණ වංචා පිළිබඳ කථා කරන විට ඔබට මතක ඇති, මහ බැංකුවේ මහා මූල්‍ය වංචාව, මේ රටේ රාජ්‍ය ආයතනවල සිදුවූ ඉහළම මූල්‍ය වංචාව ඒ පිළිබඳ සොයන්න ජනාධිපති කොමිසන් සභා පත් කළා, පරික්ෂණ පැවැත්වුවා. චූදිතයන්ට නඩු පැවරීම් සිදු කළා. ඒ පරික්ෂණ කටයුතු තවමත් සාර්ථකව කෙරෙනවා. එපමණක් නොව ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවේ නිර්දේශ අනුව මහ බැංකුව තුළ වෝහාරික විගණනයක් කළ යුතුයි කියා නිර්දේශයක් තිබුණා. එය අපේ දේශීය විගණන ආයතනවලට කළ නොහැකියි. ඒ නිසා මීට අවුරුදු දෙකකට පෙර ජාත්‍යන්තර ආයතනවලින් මිල ගණන් කැඳවා වෝහාරික විගණන කරලා විගණන වාර්තා 05ක් මේ වන විට ලැබී තිබෙනවා. ඔබ පුදුමයට පත්වන කරුණු ඒ තුළ තිබෙනවා. මම විශ්වාස කරනවා බලයට පත්වන නව රජය එම වෝහාරික විගණන වාර්තා 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට විවෘත කරනු ඇතැයි කියා.

හෙට දවසේ අලුත් ජනාධිපතිවරයෙක් රටට පත් වෙනවා. මට හිතෙන විදියට අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මුහුණදෙන පළවෙනි අභියෝගය කුමක් ද, පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 අතරින් දූෂණයෙන් තොර අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමේ අභියෝගය නම් ඔහුට තිබෙනවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු යටතේ 1947න් පස්සේ මේ රටේ නිර්පාක්ෂික රාජ්‍ය නායකයෙක් යටතේ ජාතික මැතිවරණයක්, ජනාධිපතිවරණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය. නාම යෝජනා භාරදුන් දිනයේ සිට අද දක්වාම මම දේශපාලන වශයෙන් පක්ෂ බේදයකින් තොරව අපක්ෂපාතිව, මධ්‍යස්ථව මගේ යටතේ තිබෙන ත්‍රිවිධ හමුදාව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරීවලට සම්පූර්ණ සහයෝගය ලබාදීම සඳහා සකස් කරමින් රට තුළ ඉතාම සාමකාමී මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඉඩ කඩ ලබාදුන්නා.

මෙතරම් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට පු`ථවන්කම ලැබුණේ මා නිර්පාක්ෂික වූ නිසා කියලයි මම විශ්වාස කරන්නේ. මීට පෙර රාජ්‍ය නායකයා ලෙස සිටි සෑම අගමැතිවරයෙක්ම, සෑම ජනාධිපතිවරයෙක්ම ඒ මැතිවරණයේ දී යම් දේශපාලන පක්ෂයක නායකත්වය ගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම කළා. ඒ නිසා රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඇතැම්විට අසිමීත විදියට සිදු වුණා. ඔබ ඒ ඉතිහාසය ගැන දන්නවා. මම ඒ ගැන කථා කරන්න කාලය ගන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වයන් තුළ එදා මගේ මැතිවරණ අවස්ථාවේ, 2015 අද මේ 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණය අවස්ථාවේ වෙනස නම් කොපමණද, ශ්‍රී ලාංකීය සමාජය කෙතරම් ඉදිරියට ගොස් තිබේද යන්න කදිම මාපකයක් එදා සහ අද මැතිවරණය.

කෙසේ වෙතත් නව ජනාධිපතිවරයාට වගකීම් සමුදායක් තිබෙන බව ඔබත්, මමත් දන්නවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඒ වගේම තිරසර සංවර්ධනය සඳහා ඒ වගේම මා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සඳහා, මා ලබාදුන් අසීමිත මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරමින් ඒ මාධ්‍ය නිදහස ඉදිරියට ගෙනයාම සඳහා පත්වන නව ජනාධිපතිවරයාට වගකීමක් පැවරෙනවා.

මගේ නායකත්වය තුළ රටේ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘති යුගයට අවශ්‍ය, කාලයට අවශ්‍ය මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරය, ඒ වගේම දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන, වකුගඩු රෝගය අවම කිරීම සඳහා ඊට ගොදුරු වූවන්ගේ සුබසාධන කටයුතු, ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය, දරුවන් සුරකිමු ජාතික වැඩපිළිවෙළ ඒවා ප්‍රමුඛ වෙනවා. මා විශ්වාස කරනවා වගේම මා ඉල්ලා සිටිනවා එම වැඩසටහන් මා කළාටත් වඩා ශක්තිමත් ලෙස නව රජයක්, නව ජනාධිපතිවරයෙක් යටතේ ක්‍රියාත්මක කරයි කියලා. මා ඒ සඳහා ප්‍රාර්ථනා කරනවා.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වගේම සංවර්ධනය නීතිය හා සාමය රටේ ඒකීයභාවය මේ කියන කරුණුවලදී යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ කැපවීම, පරිත්‍යාගශිලිභාවය රාජ්‍ය සේවයේ වැටුප් ලබන කෙනෙකුට වඩා ඉන් එහා ගිය සිය මාතෘ භූමිය ගැන සිතමින් ඔවුන් කරන යුතුකම් සහ වගකීම් පිළිබඳව විශේෂ ස්තුතියක් ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම සමස්ත රාජ්‍ය සේවයටත් මා මෙහිදී පිරිනමනු ලබනවා.

අපේ රටේ වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ඓතිහාසික පසුබිම සිහිපත් කරන විට ඉංග්‍රීසි පාලකයන්, අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගැනීම පිළිබඳ ඉතිහාසය ඔබ දන්නවා. 1818 ජාතික විමුක්ති අරගලයට නායකත්වය දුන් වීරකැප්පෙටිපොළ ඇතු`ථ විරුවන් එදා ඉංග්‍රිසි පාලකයින් රාජද්‍රෝහින් විදියට හඳුන්වා ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.

නමුත් මා සතුටු වෙනවා මගේ නිල කාලය තුළ 1818 ඒ විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ විරුවන් රාජද්‍රෝහින් බවින් ඉවත් කරලා දේශප්‍රේමින් ලෙස දේශහිතෛෂින් ලෙස ඔවුන්ව නම් කරලා ගැසට් නිවේදනයන් නිකුත් කරමින් ඒ ඓතිහාසික උතුම් කාර්යය මව්බිම වෙනුවෙන් ඉටු කළ ඒ සියලුදෙනාට ගරු කිරීමට ලැබීම වගේම ඔවුන්ව ඉතිහාසයට එක් කිරීමට ලැබීම පිළිබඳව.
මගේ ආදරණීය ජනතාව වගේම පොළොන්නරුවේ ජනතාව පිළිබඳවත් මා යමක් කිවයුතුමයි මේ අවස්ථාවේ. මගේ සමස්ත ගමන් මග තීරණය කරනු ලැබුවෙත්, ඒ සඳහා මට මුල් අඩිතාලම දැමුවෙත්, මගේ සාර්ථකත්වයේ මහා ස්ථම්භය වුවෙත් මගේ පොළොන්නරුවේ ආදරණීය ජනතාව, එතනින් තමයි මාව රටට දුන්නේ. ඒ නිසා මගේ නිල කාලය තුළ ඇතැම් වෙලාවට මාව විවේචනයට ලක්වුණා මම පොළොන්නරුවට වැඩ කරනවා වැඩියි කියලා, නමුත් මගේ මුල් දේශපාලන අඩිතාලම තුළ සිට රටේ සමස්ත ජනතාවගේ ආශිර්වාදයෙන් මා රාජ්‍ය නායකත්වය දක්වා ගෙන ඒමට කටයුතු කළ මගේ පොළොන්නරුව ආදරණීය ජනතාවට මා ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා.

මගේ පාලන කාලය තුළ කුමන අභියෝග හමුවේ වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැඟීමට මා කටයුතු කළා. ආණ්ඩුව තුළ තිබු මහා ගැටුම් උච්ච වූ අවස්ථාවන්ට පසුබිම වුයේ රටට නොගැළපෙන අන්ත නව ලිබරල්වාදය සහ මා ගරු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් මා ගරු කරන ස්වදේශිකවාදී චින්තනයන්. ස්වදේශිකවාදී චින්තනයකින් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවයයි රටට වැදගත් වන්නේ කියා මා විශ්වාස කරනවා.

විශේෂයෙන් ඔබත් මමත් සැමවිටම කතා කරන හා සාකච්ඡාවට හා සංවාදයට ලක්වන ජාතික සමඟිය හා සංහිඳියාව යන කරුණුවලදි මගේ නිල කාලය තුළ රටේ සමස්ත ජනතාවට වගේම යුද්ධයේදී වඩාත්ම පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර ජනතාවට විශිෂ්ට සේවයක් කරන්න මට පු`ථවන්කම ලැබුණා. ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීම්, සමාජ සුබසාධනය ඒ ප්‍රදේශවල භෞතික සම්පත් සංවර්ධනය එ වැනි කරුණු රාශියක් ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කරන්න ලැබුණා. ඒ පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. මා කියන්නේ නැහැ සියයට සියයක් මා සියල්ල කළා කියලා. එසේ කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. නමුත් යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවක් ලෙස උතුරු නැගෙනහිර ජනතාවගේ දුක් වේදනා, ඉවත් කරන්න මට පු`ථවන්කම ලැබුණා. ජනාධිපති විශේෂ කාර්ය බලකායක් උතුරු නැගෙනහිර සංවර්ධනයට පත්කරලා පසුගිය අවුරුදු කිහිපය තුළ ඔවුන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන්න මට ලැබුණා. ඒ ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන 05ක් මා නිකුත් කළා. මත්ද්‍රව්‍ය වැනි බරපතළ රටට අහිතකර දේවල්වලින් රට බේරාගන්න මත්ද්‍රව්‍ය මර්දනය වගේම පාතාලය අපරාධකාරයන් මර්දනය සඳහා දැඩි තීන්දු තීරණ ගත්තා.

පොලිස් දෙපාර්තමේන්තුව මගේ යටතට පත් වෙලා මාස 11යි. පොලිස් දෙපාර්තමේන්තුවේ කෙතරම් නම් ප්‍රශ්න ගොඩගැසී තිබුණා ද, පොලිසියට අවශ්‍ය නීති මා සංශෝධනය කළා. අලුත් නීති හැදුවා, පොලිසියේ, පරිපාලනය, කළමනාකරණය, සම්පත් හිඟය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී ඉතාමත් වැදගත් නිසා මගේ මාස 11 දී මා ඒ තුළ විශාල පරිවර්තනයක් කළා.
ඒ වගේම නීතිය, සාමය , ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ඒකීයභාවය, භෞමිකඅකණ්ඩතාවය මේ කරුණු ඉදිරියේ දී අපට තිබෙන අභියෝගාත්මක කරුණු සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් මැලේ බර්ගර් ජනතාවගේ සාමුහිකත්වය ඉතා වැදගත්. අන්තර්ජාතික වශයෙන් බාහිරින් එල්ලවන අභියෝග මැඩලීමට, ජාතින් අතර සමඟිය සංහඳියාව ඉතාමත් වැදගත් වෙනවා.

මගේ නිල කාලය තුළ මුහුණ දුන් ඔබට මෙන්ම මටත් දැඩි වේදනාකාරී ඉතාම ඛේදජනක අත්දැකීමක් වූ අප්‍රේල් 21 වනදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ පාස්කු ප්‍රහාරය. එහිදී මිය ගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ඒ ජනතාව මා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය පැහැදිළි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබූ සිදුවීමක්. මා ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ.
විශේෂයෙන්ම කෙනෙක් මගෙන් ඇසුවොත් ඔබේ ජනාධිපති ධූරයේ නිල කාලය පිළිබඳ ඔබ තෘප්තිමත් වන්නේ ද, සතුටු වන්නේ ද කියා, ඒ ප්‍රශ්නය අසනවාත් සමඟම මා තත්ත්පරයක් හෝ ප්‍රමාද නොකර ලබා දෙන පිළිතුර නම් මගේ නිල කාලය පිළිබඳව මා තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා හා සෑහීමකට පත් වෙනවා යන්නයි. ඒ රටට සහ ජනතාවට බොහෝ දේ මා ලබාදුන් නිසා. මා ලබාදුන් බොහෝ දේ සාක්කුවට දැනෙන්නේ නැහැ. බඩට දැනෙන්නේ නැහැ, ඇගට දැනෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් හැඬ ගැස්වීමේ කාර්යය, අධ්‍යාත්මික සමාජයක් ගොඩනඟන්න වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට මට හැකි වුණා. ප්‍රධාන වශයෙන්ම උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ලැබීම මගේ නිල කාලය තුළ මේ රටේ වගේම රටින් පිට සිටින බෞද්ධ ජනතාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් කළ යුතුව තිබු විශාල වගකීමක් සහ යුතුකමක් ඉටුකිරීමක් කියා මා විශ්වාස කරනවා.

මා මීට වඩා දීර්ඝව කථා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මගේ දේශපාල ජීවිතය සාර්ථක කිරීමට මගේ පිටුපස සෙවණැල්ල මෙන් සිටින මගේ ආදරණීය බිරිඳ ජයන්ති ඒ වගේම මගේ දරුවන් ඒ සියලුදෙනා ම මා ස්තූති කරනවා. මා ඉතාමත් බරපතළ දේශපාලන තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදි උදාහරණයක් ලෙස සිහිපත් කළොත් 2014 නොවැම්බර් 21 එම අවස්ථාවේ සිට එදත්, ඊට පෙරත්, අදත් මට විශාල ආශිර්වාදයක් දෙන ඔවුන් මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.
වසර 05 කට ආසන්න කාලයක් ජනාධිපති ධූරයේ ඔබට සේවය කළ මා ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හෙට දවසේ නව ජනාධිපතිවරයෙක් ඔබේ ඡන්දයෙන් පත් කර ගන්නා බව ඔබත්, මමත් දන්නා දෙයක්. හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන් පත්වන නව ජනාධිපතිවරයාට මගේ ආශිර්වාදය සහ සුබපැතුම් එක්කරනවා වගේම ඔහුට වඩාත් අධිෂ්ඨානශිලිව, ධෛර්යසම්පන්නව අවංකව රට වෙනුවෙන් සියලු සේවාවන් කිරීමට හැකියාව ලැබේවා කියා මම ආශිර්වාද කරනවා. සුබ පතනවා.

මගේ උතුම් මවුබිම වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවයෙන් මා විසින් කළ යුතු සියලු කැපවීම් හෙට දවසේත් ඉටුකිරීමට මා අදිටන් කරගෙන සිටිනවා. යුක්තිය ශක්තිය විය යුතුයි. සමාජ සාධාරණත්වය පැහැදිළි ලෙසම ඉටුවිය යුතුයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුයි. මාධ්‍ය නිදහස, මානව හිමිකම්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඒවා සියල්ල ශක්තිමත් විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමෘද්ධිමත් ආර්ථිකයකින් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම සඳහා ලෝකයේ විශිෂ්ට ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැඟීම සඳහා ඔබ සමඟ මා හෙට දවසෙත් එක් වෙනවා.
ඔබ සියලු දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි, තෙරුවන් සරණයි.

 

Post Views: 1
Previous Post

හත්වන විධායක ජනපති තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්වෙයි…

Next Post

ගෝඨාභය රාජපක්ෂ සිරිලක හත්වන විධායක ජනාධිපති ලෙස පත්වූයේ මෙහෙමයි…

editor

editor

Next Post

ගෝඨාභය රාජපක්ෂ සිරිලක හත්වන විධායක ජනාධිපති ලෙස පත්වූයේ මෙහෙමයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved