27 April 2024
#දේශීය

ගෝඨාභය රාජපක්ෂ සිරිලක හත්වන විධායක ජනාධිපති ලෙස පත්වූයේ මෙහෙමයි…

ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපකෂ ඊයේ (16) පැවැත්වූ මැතිවරණයෙන් තෝරාපත්කරගැනීම අද (17) ප්‍රකාශයට පත්වී ය.

ඡන්දදායකින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහය දෙනෙකු අතරින් 2019 ජනාධිපතිවරණයේ දී ඡන්ද 6,924,255 ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමත් විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මෙහිදී ලබා ගනු ලැබුවේ ඡන්ද 5,564,239 කි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,360,016 කින් 7 වන විධායක ජනාධිපති ලෙස පත්විය.

මෙවර මැතිවරණයේ දී සමස්තයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 52.25 ක් දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා දිනා ගනු ලැබුවේ සියයට 41.99 ක් පමණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 10.26 ක පරතරයකින් සජිත් ප්‍රේමදාස මහතා අභිබවා ඡන්දය හිමි කර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙකි.

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිල වශයෙන් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමින් 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පිළිගන්නා බව පැවසීය. ඒ අනුව ඔහු හෙට දිනයේ සියධූරයේ වැඩ බාරගැනීම පිණිස දිවුරුම් දෙනු ඇත.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *