27 April 2024
#දේශීය

හත්වන විධායක ජනපති තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්වෙයි…

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධීපතිවරයා තෝරාගැනීම පිණිස පැවැත්වූ 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සළසා දී තිබුණි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවීය.

අද පස්වරු 3.30 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා බව වාර්තා වේ.

ඒ අනුව පස්වරු 3.30 වන විට මහනුවර 75%, කළුතර 75%, ගාල්ල 72%, මාතර 72%, හම්බන්තොට 75%, රත්නපුර 79%, වවුනියාව 72%, දිගාමඩුල්ල 70%, කුරුණෑගල 70%, පුත්තලම 72% ත්‍රිකුණාමලය 73%, කළුතර 75%, පොළොන්නරුව 77%, නුවරඑළිය 75%, ගම්පහ 75%, කොළඹ 70%, මාතලේ 75%, මොණරාගල 75%, කෑගල්ල 75%, අනුරාධපුර 70%, මන්නාරම 68%, මුලතිව් 72%, යාපනය 64%, කිලිනොච්චිය 68%ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් හඳුනාගත හැකිය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *