රට කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධව භීතියට පත්ව ඇති පසුබිමේ මාසික බිල්පත් ගෙවීම් කටයුතු කිරීමට නියමිත කාලය දීර්ඝ කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය බලධාරීන් වෙතින් ඉල්ලා සිටියි.
ඒ වෙනුවෙන් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ විසින් ජනාධිපති ඇතුළු මාධ්‍ය වෙත නිකුත්කළ ප්‍රසිද්ධ නිවේදනය පහත දැක්වෙයි.
මාසික සේවා ගාස්තු ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කරන්න.
කෝරෝනා වෛරසය පිළිබදව රටම භීතියට පත් වී ඇති මෙම අවස්ථාවේ මෙරට ජනතාව ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ අසීරැමක අවස්ථාවක් බව අප කවුරැත් දන්නා කාරණයකි. තම එදිනෙදා කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති මෙවැනි අවස්ථාවක අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ දුරකතන බිල්, විදුලි බිල්, ජල බිල් ණය කාඩ් ගෙවීම් ලීසිං වාරික ඇතුලු සේවාවන් සදහා මුදල් ගෙවීමට ලබා දී ඇති කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසයි. සමහර කාර්යාල වසා දැමීම නිසා තමන්ට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට නොහැකි වනවා සේම එදිනෙදා වැඩක නිරත වී වැටුප් ලබා ගන්නා ජනතාවද අසීරැ තත්වයකට පත්ව ඇත.
ගරු ජනාධිපතිතුමනි
ඉතාම ඉක්මනින් සේවාවන් සදහා මුදල් ගෙවීමට දී තිබෙන කාළ සීමාව දීර්ඝ කර දෙන ලෙස සමස්ත පාරිභෝගික ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිමු.
මෙයට, විශ්වාසි
රංජිත් විතානගේ – සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය