කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
මෙම ශ්‍රී ලාංකිකයා මාර්තු 25 වන දින ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති අතර 59 වැනි වියේ පසුවී තිබේ.
උතුරු පළාතේ පදිංචිව සිටි දැනට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබෙන බව විදේශ සබඳතා අමාත්‍යංශය තහවුරු කරයි .
දිලිනි සමන්මලි