27 April 2024
#දේශීය

නිවසේ සිට වැඩ කරන කාලය දිගු කරයි

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.

මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකන අතර මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමක් බව රජය නිවේදනය කරයි.

මේ අතර සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇති අතර අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්තු 20 සිට අප්‍රේල් 03 වනදා දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *