නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම 4 වන මරණය ඊයේ (02) සවස වාර්තා විය.
ඒ 58 වියැති අයෙකු වන අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර නිව්මෝනියාව උත්සන්න වී මරණය සිදු වී ඇති බව කියවේ.
එසේම මේ වන විට මෙරට corona ආසාදිතයන් 151 ක් වාර්තා වී ඇත.
තව ද කොරෝනා වෛරසය සම්බන්ධව මාධ්‍ය වාර්තා පළ කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක පෙළක් හඳුන්වා දීමට රජය කටයුතු කර ඇත.
එය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර තිබේ.
කරුණු අටකින් සමන්විත එම මාධ්‍ය නිර්ණායක ඇතුළත් නිවේදනය පහත දැක්වෙයි.