කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ඉවත්කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම දිස්ති‍්‍රක්කවලට අද සවස 04.00 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලබන බවයි.
එම දිස්ති‍්‍රක්කවලට එලෙස පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත කි‍්‍රයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකය.
එසේම රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවත්කර නැති අතර ඒ රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තවත් තිදෙනෙක් හමුවීම නිසාය. මේ නිසා මුද්දුව ප්‍රදේශයේ පවුල් 60ක් නිරෝධායනය කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර ඇත. එසේම රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම අලූත් අවුරුදු සමය තුළ චාරිත්‍ර – වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙස ද රජය අවධාරණය කරයි.