• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් මඩින්න ගත් ක්‍රියාමාර්ග ලිහිල් කරන්න එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ට ලිපියක්

22 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටක් ලෙස එයට මුහුණ දීමේදී සැලකිය යුතු  අඩුපාඩු රාශියක්  සහිතව වුවද  මේ‍ මොහත වන විට  ගෙන ඇති පියවර සාර්ථක වුව ද දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීම අනතුරු දායක බව නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වූ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ඊයේ (21) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමු කරන මෙම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මේ බව සඳහන් කර ඇත.

කොරෝනා රෝගය මර්ධනය කිරීමට අදාල ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සදහා යෝජනා 6ක් ද   මෙම ලිපියේ ඇතුළත් කර ඇත.

නිදහස්  සෞඛ්‍ය සේවයක් සඳහා වූ මධ්‍යස්ථානයේ  කැඳවුම් කරු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ ලිපිය පහත දැක් වේ.

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් 

සෞඛ්‍යය , දේශීය වෛද්‍ය හා පෝෂණ අමාත්‍යාංශය 

සෙත්සිරිපාය 

කොළඹ 10.

මහත්මයාණෙනි ,

කොරෝනා  ( COVID19) ගෝලීය වසංගත තත්වය හමුවේ ඇති ඉදිරි අභියෝගාත්මක අනතුර පිලිබදවයි !

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටක් ලෙස එයට මුහුණ දීමේදී සැලකිය යුතු  අඩුපාඩු රාශියක්  සහිතව උවද  මේ‍ මොහත වන විට යම් සාර්ථකත්වයක් අත් කර ‍ගෙන සිටින බව දකිමු.  සමාජ සංචරණය සීමා කිරීම, පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කිරීම, පුද්ගලික සනීපාරක්ෂක වගකීම පිලිබදව පුද්ගල මට්ටමින් සහ සමස්ත සමාජයම එකවිට ආමන්ත්‍රණය කිරීමට ගත් ක්‍රියාමාර්ග මෙහිදී වැදගත් වී ඇති බව පෙනේ. නමුත් එම ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට ගත් තීරණය ගැටළු සහිතය. දැනට වාර්තා වන කොරෝනා රෝගීන් පිලිබදව දත්ත සහ වාර්තා හරහා එම ප්‍රශ්නය බරපත ලෙස මතුකෙරේ. නිකුත් කර ඇති ඊට අදාල වාර්තා වලින් මේ පවතින ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට අවශ්‍ය තොරතුරු විශ්වාසනීය ලෙස තහවුරු නොවේ. එනම් රෝගය ප්‍රශස්ත මට්ටමක් දක්වා පාලනය වී ඇති බව එම සංඛ්‍යාලේඛන මගින් ප්‍රමාණවත් විස්වාසයක් ගොඩ නැගීමට අසමත් බව අපෙගේ විශ්වාසයයි.

රෝගී සංඛ්‍යාව වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයක් උවද දිගින් දිගටම රෝගීන් වාර්තා වීම සිදු වේ. ඒ තුල අවදානම අඩු වීමක් හෝ අවධානම පහව යාමක් හෝ හදුනාගත නොහැක. ඒ නිසා සමස්ත සමාජයටම බිය සහ සැක සහිත වටපිටාවක ජීවත්වීමට සිදුව ඇත. මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීම සදහා එම විෂයට අදාල ප්‍රවීනයන්ගේ හා තාක්ෂණික කමිටු වලින් නිසි අනුමැතියක් ලැබී ඇත්ද ? එසේනම් මේ කියාවලිය සිදුවන්නේ එම තාක්ෂණික කමිටු හා විෂය ප්‍රවීනයන්ගේ නිර්දේශ මතද ? නැතිනම්, ව්‍යාජ තක්සේරුවක් ගොඩ නැගීමට මාධ්‍ය මෙහෙයුමක් සහ ඊට අදාලව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයකන් භාවිතා කිරීමද යන බරපතල විවේචනය මතුවේ. මෙම වසංගත තත්ත්වය තුල අනිසි බිය  සේම අනිසි ආරක්ෂිත හැගීමද එකසේ හානි කරය. මෙවැනි ප්‍රවේශයක් තුල කොරෝනා රෝගය පැතිරීම සීඝ්‍ර  වැඩි වීමක් ඇති වීමේ අනතුරක් ඇත. එසේ උවහොත් විශාල භයංකර ප්‍රතිඵල ගණනාවකට රටක් ලෙස මුහුණ දීමට සිදු වන අතර මේ දක්වා රෝග පාලනය වෙනුවෙන් සියලු දෙනා කල කැප කිරීම අපතේ යනු ඇත. එමෙන්ම මේ ක්‍රියාත්මක කළ සමාජ සංචරණය සීමා කිරීමට අදාල ක්‍රියාමාර්ග ලිහිල් කිරීම පිටුපස ඉතා අවිද්‍යාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීමට අපහසු නැත. එබැවින් මේ තාක් ගත් සුභවාදී ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ආපස්සට ගැනීම යනු පටු දේශපාලන අරමුණු සදහා සමස්ත රටේ ජනතාවත් සෞඛ්‍යය සේවකයනුත් අනතුරේ හෙලීමකි. එබැවින් මේ පිලිබදව වඩා වගකීම් සහගත වෛද්‍ය සංවිධානයක් ලෙස මේ සිදුකරන වගකීම් විරහිත ක්‍රියාමාර්ග පිළිබද අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරසිටිමු. තවද මේ දක්වා ගෙන ගිය වැඩ පිලිවලේ දුබලතා හැකිතාක් අවම කර ගනිමින් කොරෝනා රෝගය මර්ධනය කිරීමට අදාල ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සදහා පහත යෝජනා ඉදිරිපත් කරමු. 

  1. කොවිඩ් -19 මර්ධනය සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංයුතිය සහ එහි මුලික වගකීම් සෞඛ්‍යය සහ පරිපාලනය පිළිබද අත්දැකීම් බහුල වි‍ශේෂඥ පිරිසකගේ නායකත්වයෙන් සැදුම්ලත් කමිටුවක් බවට පත් කිරීම.
  1. PCR පරීක්ෂණය, රෝගය හඳුනාගැනීම සදහා බහුල ලෙස සිදු කළයුතු බවට ලෝක සෞඛ්‍යය සංවිධානය අවධාරණය කර ඇත.එමෙන්ම රටපුරාහඳුනා  ගත් අවධානම් සහගත විශාල පිරිසක් සිටින බවට මෙහෙයුම් කමිටුවට සම්බන්ධ පාර්ශවවලින්ම ප්‍රකාශ වී ඇත. මේ වන විට නව ව්‍යාප්ත ස්ථාන පවා හමු වෙමින් තිබේ. ලෝකය පුරා සක්‍රිය ලෙස රෝගීන් සොයාගැනීම සදහා විශාල ප්‍රමාණයෙන් පරීක්ෂණ කරන අතර අප රට තුල  තවමත් 5000කට වැඩි පමාණයක් පරීක්ෂණ සිදුකර නැත. මෙම පරීක්ෂණය ප්‍රමාණය තවදුරටත් වැඩිකළ යුතු බවත් එය සක්‍රිය කර සමාජය තුල සිටින රෝග වාහකයන් සොයා ගැනීමට කටයුතු කල යුතු බවට යෝජනා කෙරේ
  1. අප රට තුළ සිදුකෙරෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ ප්‍රමුඛ කාර්යභාරයක් කරන සෞඛ්‍යය, ආරක්ෂක, රාජ්‍ය පරිපාලනයට අදාල සියලු රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු කාර්යමණ්ඩල වලට මෙම වසංගතය නිසා අධිකඅවදානමක් ඇත. එබැවින් එම කාර්ය මණ්ඩල වල ආරක්ෂාව සදහා විද්‍යාත්මක වශයෙන් තහවුරු කරන ලද පුද්ගලික ශරීර ආරක්ෂක මෙවලම් ඇතුළු ආරක්ෂක ක්‍රම වේදයන් ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ. එබැවින් එම කාර්ය මණ්ඩල වලට අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදීමට කඩිනම් පියවර ගැනීම.
  1. කොරෝනා වසංගතය අප රට තුල ව්‍යාප්ත වූ දින සිට ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සහ මාධ්‍ය මැදිහත්වීම් මගින් වෛරසය ආසාධනය වුවන් හා තර්ජනයට ලක්වූවන් කෙරෙහි සමාජය තුල භීතිකාවත්, අප්‍රසාදය සහ විරෝධයක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශ සහ මාධ්‍ය වාර්තා ඉදිරිපත් විය. එය වෛද්‍ය ආචාරධර්මවලට පවා පටහැනි ක්‍රියාවකි. මේ හේතුවෙන් එම පිරිස් විශාල පීඩාවකට ලක් වන අතර ඔවුන් රෝගය වසන් කිරීමකට පවා පෙලබේ. ඒ හේතුවෙන් රෝග අවධානම සහිත පිරිස් විධිමත් සෞඛ්‍යය ආරක්ෂක වැඩපිළිවෙලට ඇතුලත් කිරීම දුෂ්කරවේ. එය රෝගය ව්‍යාප්ත වීමේ අවධානම වැඩි කරයි. එබැවින් එවැනි වගකීම් විරහිත ක්‍රියාමාර්ග සිදු නොවීමට වග බලා ගැනීම.
  1. එසේම විධිමත් සහ වගකීම් සහගත සෞඛ්‍යය කලමනකරණයකට හෝ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකට ලක් නොවූ අවිධිමත් ප්‍රතිකර්ම පිළිවෙත් පිළිබද වගකිව යුතු පුද්ගලියින් නිකුත් කරන ප්‍රකාශ මගින් ජනතාව නොසන්සුන්තාවයට පත් වීම නිසා, එමගින් මෙතෙක් ක්‍රියාත්මක වු වැඩපිළිවල පිළිබදජනතා විස්වාසය බිද වැටේ. එබැවින් ජනතාවට සෞඛ්‍යය අමාත්‍යාංශය  හරහා විද්‍යාත්මක සහ වගකීම් සහගත බවකින් යුත් තොරතුරු සහ මග පෙන්වීම් කිරීමට වගබලා ගත යුතුය.
  1. මෙම වසංගතය හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වීමෙන් එම ජනතාවගේ රෝග අවදානමඉහල ගොස් ඇත . දියවැඩියා, අධි රුධිර පීඩනය හෘදයාබාධ සහ පිළිකා ආදී බෝ නොවෙන රෝග වලට ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් දැඩි අවධානමකට ලක්ව ඇත. ඒ හේතුවෙන් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සහ ඖෂධ ලබා දීමට ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා දිවෙන ඵලදායි යාන්ත්‍රණයක් සෞඛ්‍යය අංශවල සෘජු අධීක්ෂණය  යටතේ ඇති කිරීමට කටයුතු කිරීම.

මේ කරුණු සම්බන්ධයෙන් ඔබගේ කඩිනම් අවධානය යොමුකර ඉතා වගකීම සහගතව කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ දැඩි අවශ්‍යතාවයක්ව පවතී.

ස්තූතියි

කැඳවුම්කරු

වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු

පිටපත් – 1. සෞඛ්‍යය ඇමති

  1. සෞඛ්‍යය ලේකම්
  2. සියලු මාධ්‍ය ආයතන   
Post Views: 7
Previous Post

මත්පැන් ජාවාරම් කරු වෙනුවෙන් පොලිස් රාජකාරියට බාධා කළ සාදුට එරෙහිව නීතිය ප්‍රමාදයි

Next Post

මහින්ද දේශපාලන බල පොරයක් අල්ලන බව මංගල කියයි

editor

editor

Next Post

මහින්ද දේශපාලන බල පොරයක් අල්ලන බව මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved