රාජ්‍ය අයවැය හිගය හමුවේ ජනතාව පීඩාවට පත්නොවීමට රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා ඇත.
ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබේ.
මේ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් P. B. ජයසුන්දර ලිපියක් වෙත ප්‍රසිද්ධ කර ඇති අතර
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වන බවත් සඳහන් කර ඇත.
ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රධානය කළහොත් මැයි මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම පහසුවක් වනු ඇති බව” ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති ලේකම් ප්‍රසිද්ධ කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.