27 April 2024
#දේශීය

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස්

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත්  ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරි දින  කිහිපය තුළ  ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ කොවිඩ්  නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *