මහ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරදීමේ වගකීම පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් එම වගකීම නිසි අයුරින් සිදු කරනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එක මතයක සිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරමින් නව පාර්ලිමේන්තුව තේරීපත්වීමට අවස්ථාව සලසා දිය යුතු බවයි. කොරෝනා වසංගත තත්ත්වය නිසි අයුරින් පාලනය කරමින් පවතින නිසා සෞඛ්‍ය අංශයේ නිර්දේශයන්, ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ සදහා කටයුතු කළ යුතු බව නිමල් ලාන්සා මහතා පැවසිය.
රටේ ජන්දදායකයින් අනතුරට පත් කරමින් ජන්දය පැවැත්වීමට හෝ වෙනයම් කිසිදු අයුරකින් ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැත. විපක්ෂය ඔවුන්ගේ දේශපාලන පසුබෑම හේතුවෙන් පැරණි පාර්ලිමේන්තුව යළි කැදවීමට විවිධ උත්සහ දැරුවද එවැනි අවස්ථාවක් රටට උදාවී නොමැත. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව පාර්ලිමේන්තුවක්. ඒ සදහා මැතිවරණය කුමන අවස්ථාවක කුමන අයුරකින් පැවැත්වූවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ස්ථීර බව නිමල් ලාන්සා මහතා පැවසීය.
විනය ගරුක හා ජනතාවාදී පාලකයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවැරදි දිශානතියකට රට ගෙන යමින් සිටිනවා. ලෝක වසංගත තත්ත්වයක් වූ කොවිඩ් 19 රෝගය දැඩි පාලනයකට නතු කරමින් සමාජයෙන් රෝගීන් බිහිවීම වලක්වාලීමට හැකිවී තිබෙනවා. ඒ සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කළ මෙහෙය ඉතා විශිෂ්ඨයි. මේ සම්බන්ධයෙන් රජය ගෙනගිය ක්‍රියාමාර්ග පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රසාදය පළ කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.
කොවිඩ් 19 වසංගතයෙන් රට ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සදහා නිවරදි සැලසුම් ක්‍රියාත්මක කරලීමට කටයුතු යොදා ඇති අතර, ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි පුද්ගලයින් නිසි තනතුරු සදහා පත් කර තිබෙනවා. එබැවින් අදාළ කටයුතු වඩාත් නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින බව නිමල් ලන්සා මහතා පැවසීය.
පසුගිය රජය බුද්ධි අංශ අඩපණ කරමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දැම්මා. නමුත් වර්තමානය වනවිට බුද්ධි අංශ රටේ ජාතික ආරක්ෂාවට පමණක් නොව රටට සිදුවන ඕනෑම ව්‍යසනයකදී අවශ්‍ය දායකත්වය ලබා දෙමින් සිටිනවා. එහි ප්‍රතිඑලයක් ලෙස කොවිඩ් 19 වසංගතය පාලනයට ලබාදුන් දායකත්වය පෙන්වා දිය හැකි බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.