අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමේදී මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. “බස් රථයක අඩකට මගීන් ගෙන යෑමේදී ගාස්තු එකහමාරක් අය විය යුතුයි කියලා අපි යෝජනා කළා. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් මගදි බස් රථයට ගොඩ වදින්නට හැකියාවක් උදා නොවන බවද පෙන්වා දුන්නා.” යනුවෙනි.
ආසන ගණනට මගීන් ගෙන යන බස් රථවල ගමන් කිරීමට මගීන් අකමැත්තක් දැක්වීම, අදාළ ඉල්ලීම සිදු කිරීමට තවත් හේතුවක් බවත් බස් රථ හිමියන් පවසා ඇත.
එහෙත් මෙතෙක් ඊට විෂය භාර අමාත්‍යාංශය එකඟතාව දක්වා නොමැති බවත් වාර්තා වෙයි.
මේ අතර කොළඹ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා 26 වන අඟහරුවාදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවාහන කලමණාකරන් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ සඳහා ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.