හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කල යතුරුපැදියක් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වු දුම්රියේ ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
ඊයේ (14) පස්වරු 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කල ගුවන් සෙබෙලෙකු බව පොලිසිය පවසයි.
මෘත ශරීරය කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.