• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිරෝද රථහිමියන්ගේ ප්‍රශ්ණය සමස්ත ජනතාවම හෙලා දැකිය යුතුයි – සුසන්ත කියයි

14 June 2020
in දේශීය

ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සභාපති සුනිල් මහත්මයා ඝාතනය වුණේ පුද්ගලිකව ඔහුගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නොවන අතර එය සමස්ත ජනතාවම හෙළා දැකිය යුතු සමස්ත ත්‍රී රෝද රථ දරන්නන්ගේ ප්‍රශ්නයක් බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසන්ත දොඩාවත්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඔහු මෙසේ කියා සිටියේය “ ඝාතනයට මුල් වුණේ ලීසිං සමාගමක් නෙවෙයි. ණය දෙන ආයතනයක්. අපේ රටේ මහජනතාව අත්සන් කරන ගිවිසුම ගැන අවබෝධයකින් තොරවයි අත්සන් ගන්නේ. මේ තත්වය වෙනස් කිරීම ගැන සමාජය තුළ වෙනම කතිකාවක් ඇතිවෙන්න ඕනෑ. සුනිල් මහත්මයා ඝාතනය වුණේ පුද්ගලිකව ඔහුගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ නිසා සමස්ත ජනතාවම හෙළා දැකිය යුතු සමස්ත ත්‍රී රෝද රථ දරන්නන්ගේ ප්‍රශ්නයක්. ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ජනතාවට ලීසිං පහසුකමක් ලබාගන්න ගියාම අදාල සමාගම්වල නීත්‍යානුකූලබව ගැන අවබෝධයක් නැහැ. ව්‍යවහාරයේම තියෙනවා “ගොඩ ලීසිං” කියලා. ඒව නිකම්ම නිකං මූල්‍ය සමාගම්. මේවා නීති විරෝධියි. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම පවතින රජයේ වගකීමක්. රජයෙන් මේ වගකීම ඉටු නොවන නිසා මහජනතාව දැනුවත් කරන්න මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ජනතාව දැනුවත් වෙලා ඉන්නවා නම් මේ සම්බන්ධ ප්‍රශ්න අවම වෙනවා. වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ලියාපදිංචිවී තිබෙන ලීසිං සමාගම් පවා බංකොළොත් වීමයි. මහබැංකුව තමන්ගේ වගකීම ඉෂ්ඨ කරනවා නම් මේ විදිහට බංකොළොත් වෙනවාද? මහබැංකුව කරලා තියෙන්නේ මේ සමාගම් ලයිස්තුගත කිරීම විතරයි. ඊට එහා වගකීමක් දරපු බව මහ බැංකුවෙන් පෙනෙන්නේ නැහැ. මිනිසුන් ලියාපදිංචි කළ සමාගම්වලිනුත් අසරණ වෙලා. ලියාපදිංචි නොකාළ සමාගම්වලිනුත් අසරණවෙලා. එනිසා මේ සම්බන්ධයෙන් පැහැදිලිවම වගකිවයුතු ආයතන මෙහෙයවන ආණ්ඩුව වගකියන්න ඕනෑ. යැයි සුසන්ත දොඩාවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 24
Previous Post

පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Next Post

දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබලෙකු මියයයි

editor

editor

Next Post

දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබලෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved