ලුතිනන් කර්නල් රවින්ද්‍ර මිගමආරච්චි බොහෝ කලක් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතයෙකු වශයෙන් කටයුතු කරන අයෙක් වන අතර පසුගිය දිනවලදී ඔහු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
ලුතිනන් කර්නල් රවින්ද්‍ර මිගමආරච්චි යන අය පසුගියදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය යටතේ මෙරටට ගෙන්වූ කුරුල්ලන් පලවා හරින උපකරණ ශ්‍රී ලංකා රේගුව මගින් පරික්ෂා කර බලා නිශ්කාශන කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පරිත්‍යාග කරනු ලැබු අයෙකි.
කෙසේ වෙතත් ඔහු සම්බන්දයෙන් වු පෞද්ගලික අමනාපයක් ඇති පුද්ගලයෙකු විසින් රජයට සම්බන්ධ පුවත්පතක අසාත්‍ය තොරතුරු රැසක් වාර්තා කර තිබේ. එසේම ඔහුගේ පවුලේ අයට අයත් හෝටලයක් පිළිබඳව මෙලෙස අසත්‍ය තොරතුරු වාර්තා කිරීමක් සිදු කල ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග කියා සිිටි.
කෙසේ වෙතත් තමා ජනාධිපතිවරයා යන නිවැරදි මාර්ග ඔස්සේ කටයුතු කරන අයෙකු වන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාරමගින් එම ක්‍රියාවලිය පලුදු නොවි කටයුතු කරන බව රවින්ද්‍ර මිගමආරච්චිගේ සමීපතයා අප වෙත පැවසිය.
කෙසේ නමුත් ඉදිරියේදී මෙම අසත්‍ය තොරතුරු සපයන්නා සොයා ගන්නා අතර ඔහු විසින් ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වන්නෙකු බව වාර්තා වේ.