කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සඳහන් කරන ආකාරයට අදාළ පාර්ශව හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර ගෙන ඇත.
ඊට අමතරව සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදී ඇති බවත් අධ්යක්ෂ බන්දුල තිලකසිරි පවසයි.