• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට විවෘත කර ආයෝජනයට ඉඩ දෙන්න – රාජ්‍ය ඇමැති ලාන්සා

31 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිලියන 22 ක් වූ ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් සංචාරක කර්මාන්තය හා අනෙකුත් දෛනික කටයුතු සදහා රට විවෘත කළ යුතු සේම ආයෝජනයටත් ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (30) මිනුවන්ගොඩ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ අපි මේ සෑම කටයුත්තක්ම කරන්නේ ලෝකයම මුහුණ දී තිබෙන අසාමාන්‍ය තත්ත්වයක් තුළ. අපි මෙවැනි තත්ත්වයකට කවදාවත් මුහුණ දීලා තිබුනෙ නැහැ. යුද්ධය පැවති කාලයටත් වඩා ඉතා අමාරු තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුනා. දැන් කොරෝනා එක පරද්දන්න සියලු දෙනා යුද්ධය කාලේ එකතු වුනා වගේ එකතු වෙන්න ඕනේ. ලෝකයේ බලවත්, ධනවත් රටවල් අතුරින් අපි කොරෝනා මර්ධනය හා අවම කිරීම අතින් 10 වෙනි ස්ථානයේ ඉන්නේ. ඒක අපි ලද විශාල ජයග්‍රහණයක්.

ලෝකයේ බිලියන 7කට වැඩි ජනතාවගේ කැමැත්ත කොවිඩ් අඩු වෙනවට, හැබැයි අපේ විපක්ෂයේ බලාපොරොත්තුව කොරෝනා වැඩිවෙලා, රෝහල්වල ධාරිතාවය වැඩිවෙලා, මිනිස්සු මිය යනවට.

විපක්ෂය යුද්ධය දිනන්න බැහැ කීවා. කොරෝනා එක පාලනය කරන්න බැහැ කීවා. විපක්ෂය ගොඩක් දුක්වුන දවස තමා ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා ලංකාවට ඇවිල්ලා කොරෝනා එන්නත ලංකාවට දෙනවා කියලා කියපු දවස. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය තාන්ත්‍රිකව පවත්වන සබදතා හේතුවෙන් තමා ඉන්දියාව, චීනය, රුසියාව හා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත අපේ රටට ලබා දෙන්න කටයුතු කරන්නේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ආයෝජනයක් ඇවිල්ලා තියෙනවා. මේකට සමහර සංවිධාන විරෝධතාවය පල කරනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා අපේ රටේ සම්පත් විකුණන්නෙත් නැහැ. බදු දෙන්නෙත් නැහැ කියලා. සියයට 49 ක් ආයෝජනයට දෙන එකටත් විරුද්ධයි. සංචාරකයො එන්නේ නැතිනම්, ආයෝජන එන්නේ නැතිනම් රුපියල අවප්‍රමාණය වෙනවා. ඩොලරය ඉහළ යනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සිංගප්පුරුව, මැලේසියාව, ඩුබායි වැනි රටවල් දියුණු වුනා කියලා කතා කරනවා. එයාලා ආයෝජකයින්ට අවස්ථාව දීලා තියෙනවා. ලෝකයේ සියළු රටවල් ආයෝජනයට අවස්ථාව දීලා තියෙනවා. සියයට 49 නෙමේ සියයට 100 දක්වා දීලා තියෙනවා. ඒකයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. මෙහෙ ඉන්න විපක්ෂය, ඇතැම් පිරිස් මිලියන 22 ක් අපේ රටේ ජනතාව අමාරුවේ දාන්න හදන්නේ.

පසුගිය අවුරුදු 70 ක් හිටපු නායකයින්ට බනිනවා මුකුත් කලේ නැහැ කියලා. ඒ එක නායකයකුටවත් මේ සමහර සංවිධාන වැඩ කරන්න දුන්නේ නැහැ. ඒ නිසා රට ආපස්සට ගියා යැයි” අමාත්‍යවරයා කීය.

Post Views: 3
Previous Post

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න – ජනපති

Next Post

පවිත්‍රා ගැන බොරු නිව්ස් පලකල අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වයි

editor

editor

Next Post

පවිත්‍රා ගැන බොරු නිව්ස් පලකල අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved