• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී

19 March 2021
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී.

ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ගොවිපල කිරි එකතු කිරීම, ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය සහ කෘෂි කර්මාන්ත ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණු සැසි මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් කොට ඇත.

 

පැල්වත්ත සමාගම විසින් වෙනස් කොට සැලකීම් නොකරන සේවායෝජක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම පුරුෂයින් හා ස්ත්‍රීන් සඳහා සමාන වැටුප් පිරිනැමීම හා නම්‍යශීලී වැඩ ලැයිස්තුවක් ද සමාගම ඉදිරිපත් කරයි. සමාගම විසින් පෝෂණය කරනු ලබන අධාරක කර්මාන්තවල වැඩෙන ශ්‍රම බලකාය තුළ කිරි සැපයුම්කරුවන්ට සහ කිරි ගොවීන්ට අනගි අවස්ථා හිමි කර දී ඇත.

 

පැල්වත්ත සමාගමේ මානව සම්පත් කළමනාකාර හර්ෂණ ජීවකුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පුරුෂ මුලික කර්මාන්තයක් වුවත් 2024 අවසන් වන විට අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවල සහ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් 25% කවත් අවස්ථාවන් ලබා දීමට අවශ්‍ය ක්‍රම වේදයන් සොයා බලන අතර සමාන අවස්ථා හිමිකර දීම සඳහා සේවායෝජයෙකු වශයෙන් අප කැපවී සිටින බව සහතික කරනවා. අපගේ දැක්ම සහ සැලසුම් සාක්ෂාත් කර ගැනීම උදෙසා අපගේ සංවර්ධන මුල පිරීම්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ අපගේ ප්‍රජා කළමනාකරුවන් සැබවින්ම සහයෝගය ලබා දී තිබෙනවා.”

 

පැල්වත්ත සමාගම, වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් (WVI) සමඟ එක්ව කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක්ම දියත් කළේය. එහිදී කාන්තා නායකත්වයෙන් යුත් පවුල් සඳහා ගව පට්ටි පරිත්‍යාග කළ අතර ගව මඩු හා ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට සහාය විය. WVI හි කිරි සංවර්ධන ව්‍යාපෘතිය මගින් කිරි නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම සිදු කෙරේ. තාක්ෂණික පුහුණුව, ව්‍යාපාර පුහුණුව සහ කිරි හැසිරවීම සහ ගව කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි කිරීම තුළින් කිරි ධාරිතාවය ඉහළ නැංවීම ද ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදක කණ්ඩායම් පිහිටුවා ඇති අතර සිසිලන පහසුකම් සහිත යටිතල පහසුකම් ද සපයා දී තිබේ. ව්‍යාපෘතියේ කොටසක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා නවීන තාක්‍ෂණය භාවිත කරමින් කිරි නිෂ්පාදනයේ ඵලදායිතාව ඉහළ නැංවීම පිළිබඳව දැනුම ලබා දෙනු ඇත.

 

සැබවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන පැල්වත්ත සමාගම කාන්තාවන්ට සමාන අවස්ථා සහිත සමාජයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක නිරතව සිටී. එහිදී පැල්වත්ත සමාගමේ දෙමාපිය නිවාඩු ලබා ගැනීම සඳහා සේවක සේවිකාවන් දිරි ගැන්වීම, ජ්‍යේෂ්ඨ විධායක ශ්‍රේණියේ කටයුතු කිරීම සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම සහ සහාය දීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සහ ප්‍රගතිය සහතික කිරීම වැනි මුලපිරීම් මෙන්ම රැකියා ස්ථානයේ යහපත් ආචාරධර්ම උපයෝගී කර ගැනීම ඇතුළු මුලිකාංග ක්‍රියාත්මක කිරීම සඳහා පැල්වත්ත කටයුතු කරමින් සිටී. තවද සමාන වැටුප් අවස්ථා ලබා දී ඇති අතර කාන්තාවන්ට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයන් ලෙස ස්ත්‍රී පුරුෂ වැටුප් හිඩැස් පියවා ගැනීමට සමාගම මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.

 

 

හර්ෂණ මහතා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් “කාන්තාවන් සිය සේවා ස්ථානවල දී කෘෂිකාර්මික කම්කරුවන් සඳහා හිමි වන පුහුණුවේ සිට මෙවලම් සහ මූල්‍ය කටයුතු සඳහා ඇති සීමිත ප්‍රවේශය, අවම නියෝජන අවස්ථා සහ ව්‍යාපාර කළමනාකරණයේ සමාන වැටුපක් නොමැතිකම දක්වා අභියෝගයන්ට මුහුණ දෙනවා. අපගේ ව්‍යාපාරය සඳහා ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්වයෙන් යුතු වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනැගීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, අධ්‍යාපනය සහ සවිබල ගැන්වීම සඳහා සහාය වීම ඉතා වැදගත් වනවා. ඉදිරියටත් කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලදි ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටින අතර පිරිමින්ට සමාන අවස්ථා ඔවුන්ට ඇති බව සහතික කරනු ලබනවා.”

 

සමාගමේ වසර 11ක් පුරා සේවය කරන චමිලා ශෂිකලා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මම මීට වසර 11 කට පෙර පැල්වත්ත කිරි සමාගමේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු ලෙස රැකියාව ආරම්භි කල අතර සහකාර තත්ත්ව සහතික කළමනාකාරිනියක් ලෙසත් ජ්‍යේෂ්ඨ තත්ත්ව සහතික කලමනාකාරිනියක් ලෙසත් සේවය කරමි. මගේ දෙපාර්තමේන්තුවේ සිටින එකම කාන්තාව මා වූවත් අනෙකුත් සඟයන් සහ සමස්තයක් වශයෙන් එහි පවතින සංස්කෘතික ව්‍යුහය මා හට විශාල සහයක් වී තිබෙනවා. මගේ රැකියාවේ කොටසක් ලෙස, මගේ අභිමතය පරිදි සවස් යාමයේ පවා නිරන්තර ක්ෂේත්‍ර චාරිකා සඳහා මා අනුයුක්ත කර ඇතත් ඒ සෑම විටම මා හට සුරක්ෂිත වාතාවරණයක් සහතික කොට තිබෙනවා. ඒ අනුව මෙම මිත්‍රශීලී වාතාවරණය පිළිබඳව මා බෙහෙවින්ම සතුටුවනවා.”

 

කාන්තාවන් නඟා සිටුවීම සඳහා පැල්වත්ත කිරි සමාගම සෑම දෙනාටම ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කරයි. සේවා ස්ථානයේ ඕනෑම ආකාරයක වාචික හෝ ශාරීරික හිරිහැරයක් හෝ වෙනස්කම් කිරීමක් තුරන් කිරීම සඳහා පැහැදිලිව නිර්වචනය කරන ලද, චර්යාත්මක ප්‍රමිතීන් අනුගමනය කරන ලෙස සමාගම සියලු සේවකයින්ගෙන් සමාගම ඉල්ලා සිටී.

 

 

Post Views: 11
Previous Post

දුර්මතවලට රැවටුණොත් විනාශය රටට බව ජනපති පවසයි

Next Post

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

editor

editor

Next Post

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved