• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුර්මතවලට රැවටුණොත් විනාශය රටට බව ජනපති පවසයි

19 March 2021
in දේශීය

රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කල බවත් එම භෝග රට තුළ වගා කිරීම පටන් අරන් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගිය බවයි. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති බවත් මානව හිමිකම් ගැන කථා කරන පිරිස් මේ නිසා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකියන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමාගෙත්, තම රජයේත් ජයග්‍රහණය උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගයමින් අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපතිවරයා රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකා බලන්නැයි ඉල්ලීමක් කළේය. “කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාව අතර බෙදී යනවා.

එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකරන්න පිළිවන්. අපි බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් කළා. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගියා. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටිනවා” ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරන බව කීය.

තමාගේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩකරමුයයි පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියනට පැවසීය.

අද හමුවට සහභාගී වූ කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිවරයා හමුවේ විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්‍රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ නායිකා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති, ඩයනා ගමගේ යන මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 4
Previous Post

කෝවිඩ් නිසා රැකියාව අහිමි වුණා නම් තොරතුරු එවන ලෙස ඇමැති නිමල් කියයි

Next Post

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී

editor

editor

Next Post

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved