මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති එච්. ඊ. කුයි ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විය.
ද්විපාර්ශවීය ආර්ථික සබඳතා, ආරක්ෂක කටයුතු හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුවූ අතර එම කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ සහ චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු විය.