• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

OPCW ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල් වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

7 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW), අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රනාන්දු ආරියාස් මහතා, ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිතවරිය ලෙස අක්ත ගන්වන ලද තානාපති අරුණි රණරාජා මහත්මියගේ අක්තපත්‍ර පිළිගත්තේය.

පසුගිය 03 වනදා හේග් හි පිහිටි එම සංවිධාන මූලස්ථානයේ පැවති උත්සවයක දී මෙම පිළිගැන්වීම සිදු වු බව විදේශ අමාත්‍යංශය පවසයි.

තානාපති රණරාජා මහත්මිය පිළිගැනීමෙන් අනතුරුව, අධ්‍යක්ෂ ජනරාල්වරයා රසායනික අවි නිරායුධකරණය සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් OPCW විසින් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය එතුමිය දැනුවත් කළ අතර, නව හා මතුවෙමින් පවතින රසායනික අවි තර්ජන සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා OPCW අපේක්ෂා කරන ආකාරය මෙන්ම, OPCW සාමාජික රටවල ධාරිතා වර්ධනය සඳහා එහි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන කෙම්ටෙක් මධ්‍යස්ථානය හරහා සහාය වීම පිළිබඳව විස්තර කළේය.

වසර ගණනාවක් තිස්සේ OPCW විසින් සපයන ලද පුහුණු ආධාර ඇතුළුව, රසායනික පරිහරණය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ධාරිතාවය ගොඩනැගීම සඳහා OPCW විසින් ලබා දෙන සහාය පිළිගත් තානාපතිවරිය, දේශීය රසායනික විද්‍යාඥයින්ගේ ධාරිතා වර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු හුවමාරුව, ශ්‍රී ලංකාවේ රසායනාගාර සේවා වැඩිදියුණු කිරීමට සහාය වීම, රසායනික ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ රසායනික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම යන අංශවල තවදුරටත් හවුල්කාරිත්වයක් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් OPCW හි තනතුරු හොබවා ඇති බව සිහිපත් කළ තානාපති රණරාජා මහත්මිය, ශ්‍රී ලංකාවේ පොහොසත් මානව සම්පත් සංචිතය තුළින් සංවිධානය වෙත සිය දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා උනන්දු වන බව පැවසුවාය.

2019 දෙසැම්බර් මාසයේ දී පැවති ආසියානු කලාපයේ OPCW හි සාමාජික රටවල් සඳහා වන “රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව සහ ආරක්ෂක කළමනාකරණය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා සමාන ජාත්‍යන්තර හා කලාපීය උත්සව අංග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව නිත්‍ය සත්කාරක රටක් ලෙස සලකන ලෙස තානාපති රණරාජා මහත්මිය OPCW දිරිමත් කළාය.

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් රසායනික අවි භාවිතය වැළැක්වීම සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් සහ කැපවීමක් තිබිය යුතු බවත්, දේශපාලනික වශයෙන් පොළඹවන ලද න්‍යායපත්‍රවලට යටත් නොවිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල් සහ තානාපතිනිය යන දෙදෙනාම අවධාරණය කළහ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තානාපති ඔඩෙට් මෙලෝනෝ මහත්මිය, විදේශ සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජ්‍ය කැබිනට් ප්‍රධානී යන මහත්වරු මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

රසායනික අවි සම්මුතිය සඳහා එක් මුල් අත්සන් කරුවකු වන ශ්‍රී ලංකාව, 1992 ජනවාරි 14 වැනි ඊට දින අත්සන් තබා, 1994 අගෝස්තු 19 දින අනුමත කරන ලද අතර, OPCW හි අභිලාෂයන් සඳහා දැඩි ලෙස කැපවී සිටිමින්, සම්මුතිය යටතේ සිය යුතුකම් අඛණ්ඩව ඉටු කරයි.

Post Views: 2
Previous Post

රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් 27 සිට – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Next Post

නැවත දැනුම් දෙන තුරු සියළු අධ්‍යාපන ආයතන වසා දමයි – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

නැවත දැනුම් දෙන තුරු සියළු අධ්‍යාපන ආයතන වසා දමයි - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved