• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගැසට් ගහන්නෙත් රිවස් කරන්නෙත් ජනතාව ගැන හිතලයි – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

2 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕනෑම ගැසට් එකක් නිකුත් කරන්නේ හා එය ඉවත් කරන්නේ ජනතාව සිතා බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

එසේම එම නිකුත් කරන ගැසට් එකක් නිකුත් කළා කියලා එය දීර්ඝ කාලයක් තියන්නේ නැති බවත් හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද(02) දින පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ග්‍රාමීය මට්ටමින් අයවැය සඳහා යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එම යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ විට, එතුමා අය වැය ලේඛනයට පෙර අදාළ නිලධාරීන් සමඟ සලකා බලා අදාළ යෝජනා අය වැය සඳහා ඇතුළත් කිරීම තමයි මෙහි අරමුණ. ඉතිහාසයේ පළමු වරට තමයි ගමට ගිහිල්ලා අය වැය යෝජනා ලබාගන්නේ.

ඕනෑම ගැසට් එකක් නිකුත් කරන්නේ හා එය ඉවත් කරන්නේ ජනතාව ගැන හිතලා. එහෙම තමයි කාලයෙන් කාලයට තීන්දු ගන්නේ. අද ගැසට් එකක් නිකුත් කළා කියලා එය දීර්ඝ කාලයක් තියලා නැහැ. අද වන විට හිඟයකින් තොරව සහල් ජනතාවට ලැබෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනැල්ලා තියාගෙන මිල පාලනය කරන්න ආණ්ඩුව තීන්දු කරල තියෙනවා. සහල් ආනයනය කළ පසු අද පවතින මිලට වඩා අඩු වීමක් සිදු වෙයි. එයින් ගොවියන්ට ගෙවන මිල අඩු කරනවා කියල අපි කියන්නේ නැහැ. ගොවියන්ට අදට වඩා හොඳ මිලක් අනිවාර්යයෙන්ම ලැබෙයි. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා ගොවියන්ට වී කිලෝවට රුපියල් 30 – 35 යි ලැබුණේ. අද එකට එකක් වැඩි වෙලා තියෙනවා. අපි ගොවියන්ට සාධාරණ මිලකුත්, පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමේදී සාධාරණ මිලක් දෙන්න තීන්දු කරලා තියෙනවා. මෙවර මේ සියලු කරුණු සලකා බලා මුදල් අමාත්‍යතුමා 2022 දී ඉතාමත් හොඳ අය වැය ලේඛනයක් ඉදිරිපත් කරනවා.

මාෆියාව කියන කථාවට මම නම් කැමති නැහැ. සියලු දෙනා ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ සියලු දෙනා බලන්නේ තමන්ගේ ලාභය ලබාගන්න. ගොවියෝ, නිෂ්පාදකයෝ බලන්නේ තමන්ගේ ලාභය වැඩිපුර ලබාගන්න. ආණ්ඩුවක් විදියට අපි එය නියාමනය කරනවා. ඒකට තමයි ආණ්ඩුවක් පත් කරන්නේ. ඒ නිසා ආණ්ඩුව ලෙස එය නියාමනය කිරීමේ කටයුත්ත තමයි අපි මේ වන විට ක්‍රියාත්මක කරන්නේ.

ලෝකයේ කොරෝනා වසංගතය අපි කවුරුත් නොහිතපු දෙයක්. මුළු ලෝකයම විශාල අභියෝග හා අසීරුතා මැද තමයි යන්නේ. ආණ්ඩුවක් ලෙස මෙම අවුරුදු දෙකක කාලය තුළදී ආණ්ඩුවට ලැබෙන සියලු ආදායම් අහිමි වෙලා. ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ මහජනතාවගෙන්. මහජනතාව තලාපෙලා අපට ආදායම් ලබාගන්න බැහැ. ඒ නිසා තමයි බිලියන 3000 වූ ආදායම බිලියන 1200 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ තුළ තමයි රජයේ සේවකයින්ගේ පඩි, විශ්‍රාම වැටුප් අඩුවකින් තොරව ගෙවපු ලෝකයේ පළමු රට. සියයට සීයක් ගෙවලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුත් කථා කරන්නේ නැහැ. ආණ්ඩුව ආදායම් ලබාගන්නේ ජනතාවට වක්‍රව හා සෘජු බදු දාලා. ඒවා බලහත්කාරකමින් නොගැනීම නිසා තමයි ආණ්ඩුවේ ආදායම අඩු වෙලා තියෙන්නේ.

කොරෝනා වසංගතය නිසා ජනතාවත්, ආණ්ඩුවත්, ලෝකයත් අමාරුවෙ වැටිලා තියෙනවා. දැන් අමාරු කාලය ඉවරයි. ඊයේ ඉදලා අමාරුම කාලය, අසීරුම කාලය, අභියෝගාත්මක කාලය ඉවරයි. අද සිට ඉදිරි අවුරුදු හතර තුළ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සියලු සේවාවන් කරනවා. ආර්ථිකය වැටිලා තියෙන්නේ, රැකියා නැති වෙලා තියෙන්නේ කොරෝනා වසංගතය නිසා බව බොහෝ අය දන්නවා ඒවා ගැන කල්පනා කරන්නේ නැතුව සියලු චෝදනා ආණ්ඩුවට එල්ල කරනවා. කොරෝනා මර්දනය කිරීම ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ජනතාව සියලු දෙනා ඒ සඳහා එකතු විය යුතුයි. එන්නත්කරණය තුළ ලෝකයේ ඉහළම ස්ථානයක අපි ඉන්නවා. නොර්වේ රට තීන්දු කරලා තියෙනවා සම්පුර්ණයෙන් රට විවෘත කරන්න. සිංගප්පූරුව රට විවෘත කරන්නේ ඇයි. ඒවගේ බලවත් රටවල් වලටවත් රට වහගෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. ජනතාව සියලු දෙනා එකතු වෙලා මෙම අභියෝග ජයග්‍රහණය කරන්න, ආර්ථික ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳගන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 7
Previous Post

දශක දෙකක ආර්ථිකය හොඳටම කලේ PB

Next Post

දිනෙන් දින වැනසෙන වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය

editor

editor

Next Post

දිනෙන් දින වැනසෙන වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved