මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 09 තුළ ඇ.ඩො. මි. 101.44 ක සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවත් ඉන් ඇ.ඩො. මි. 92.176 සංචාරක ආයෝජන අනුමත කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එම කාලය තුළ අනුමැතිය සදහා සංචාරක අයෝජන 33 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 22 කට අනුමැතිය ලබාදී තිබේ. කොවිඩ් වසංගතය අතරතුරත් මෙරට සංචාරක ආයෝජනය සදහා මෙලෙස යෝජනා ඉදිරිපත් විම ඉතා හොද ප්‍රවණතාවයක් බව ඇමැතිවරයා පැවසිය.
විදේශ සංචාරක ක්ෂේත්රය මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයකි. එම ක්ෂේත්රය දියුණු කෙරෙන ආකාරයේ ආයෝජන සම්පන්ධයෙන් රජය පාර්ශවයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවට සංචාරක ආයෝජන ලබා ගැනීම සදහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරක ආයොජනයන්හි දි පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘතීන් පිළිබද වැඩි අවධානයක් යොමු කෙරේ.
ලබන වසර වනවිට මෙරටට ඉදිරිපත් වන සංචාරක ආයෝජන සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඩ් හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබීම ඊට හේතුවයි. ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.