27 April 2024
#දේශීය

මඩකලපුවේ සියළුම පාසල්වල ගැටළු විසදනවා- රාජ්‍ය ඇමැති සතාසිවම්

මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල යටිතල පහසුකම් පහසුකම් සහ පාසල් වල පවතින ගුරු හිඟය ඉක්මනින් විසඳන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මඩකලපුව වන්තරුමුලෙයි ගනේෂා විද්‍යාලයේ පැවති උත්සවයකදීය.

පසුගාමී ප්‍රදේශවල අධ්‍යාපනය දියුණු කිරීම අත්‍යවශ්‍යම දෙයක් ලෙස සැලකෙන බවත් තමාගේ ඉල්ලීම පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල යටිතල පහසුකම් සහ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා වන වැඩ සටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට යොමු කල බව හෙතෙම පැවසිය. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් පාසල් 9 ක් උසස් කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් පාසල් ගණනාවක් වැඩිදියුණු කිරීමේ යෝජනා පිළිබඳව අප අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි දිනවල පාසල් විවෘත කෙරේ නුදුරු අනාගතයේ දී සිසුන්ගේ ආරක්‍ෂාව සහ සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කරන අතර අසාමාන්‍ය තත්වයන් හේතුවෙන් දැවැන්ත මානසික ආතතිය මධ්‍යයේ අධ්‍යාපන පරිසරය තුළට සිසුන් ගෙන ඒම සඳහා වැඩසටහන් ගණනාවක් ඇතුළත් කර තිබෙන අතර රට තුළ කොවිඩ් -19 වසංගතය පවතින බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *