මෙරට සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර දියුණු කිරිම සදහා ඉන්දියාව සිය පුර්ණ සහාය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහතවරුන් සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවති සාකච්ඡාවක දි මේ බව අවධාරණය කෙරිණි.
එහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඉන්දියාව මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් අතර ප්රමුඛ ස්ථානයේ සිටින බවයි.
මේ වන විට මෙරට බහුතර ජනතාව කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවත්, මේ වන විට පාසල් දරුවන්ට ද කොවිඩ් එන්නත ලබාදීමට රජය කටයුතු කරන බව පෙන්වා දුන් ඇමතිවරයා ඉදිරියේ දි ශ්‍රි ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
විශේෂයෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති ආගමික සබදතාවයන් මත දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිමේ හැකියාව පිළිබද ව වැඩි අවධානයක් යොමු ව තිබෙන අතර ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් දඹදිව වන්දනා සදහා සහභාගී වන අතර ඉන්දිය බැතිමතුන් රාමායන ආශ්රිත ස්ථාන නැරඹීම සදහා වැඩි වශයෙන් මෙරටට පැමිණේ. මේ තත්ත්වට සැලකිල්ලට ගෙන දෙරට අතර ආගමික, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක සංචාරයන් දියුණු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී යෝජනා කළේය. ඊට එකගත්වය පළ කළ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.