• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් නිසා රු.බි. 27ක් සුරාබදු ආදායමක් රජයට අහිමියි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

26 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිඝණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිඝණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබදව ද ‍අවධානය මෙහිදී යොමු විය. මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදී.

මේවන විට පරිඝණක පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා සිටියේය. එහිදී කමිටුව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර සිටියේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාලරාමුව නිශ්චිත සැලැස්මක් සහිතව නොවැම්බර් 05 වනදාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

රජයේ ආදායම් වර්ධනය කිරීම සදහා මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම හා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතියක් සැකසීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. ප්‍රධාන නිෂ්පාදන සමාගම් විසින් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබීම, පවතින කොවිඩ් තත්ත්වය ඇතුළු කරුණු කාරණා නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ අතර මෙම කටයුතු කඩිනම් කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පෙන්වා දුන්නේ රජයට තෙවැනි ඉහළම ආදායම ලබා දෙන සුරා බදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු නිසි ආදායම ලබා ගැනීමට නම් උක්ත සදහන් කළ ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවයි. මීට පෙර ද කෝපා කමිටුව විසින් ලබාදී ඇති මෙම නිර්දේශ තවදුරටත් ප්‍රමාද නොකොට කඩිනමින් ඉටුකිරීමේ අවශ්‍යතාව කමිටුවේදී දැඩිව අවධාරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, ෆයිසාල් කාසිම් සහ B.Y.G රත්නසේකර යන මහත්ම මහත්මීහූ ද මුදල් අමාත්‍යාංශ ලේකම් S.R ආටිගල මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරීන් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි වශයෙන්

Next Post

එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් පත් කෙරේ

editor

editor

Next Post

එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved