• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගෙන් ප්‍රසාදය

28 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ තමන් බැහැ දැකීම සඳහා චීන තානාපති චී.ෂෙන්හොන් මහතා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදිය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළේය.

කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.

චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.

ලබන මසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.

Post Views: 1
Previous Post

ඉදිරි සති දෙක තුල කොරෝනා ආසාදිතයින් ඉහලට – උපුල් රෝහණ

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථයේ ඇමති නාමල් සහ ප්‍රසන්න දුෂ්කර ගමනක

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථයේ ඇමති නාමල් සහ ප්‍රසන්න දුෂ්කර ගමනක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved